(නිමල කොඩිතුවක්කු)
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලට 15% ක ස්ථාවර පොළියක් ලබාදී ඔවුන්ගේ ආර්ථිකය ස්ථාවර කරන තෙක් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අඛණ්ඩව හඬ නගන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ජීවිතයේ සැදැ සමයේ සිටින වැඩිහිටියන්ගේ ගිණුම්වලට ලැබුණු 15%ක පොලි ආදායම මේ වන විට 6%ට 8%ට පහත දමා ඇති බවත් මොවුන් දහඩිය මහන්සියෙන් ඉතිරි කර ගත් මුදලට ලැබුණු පොළියෙන් බෙහෙත් ඇතුළු අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 142 වැනි අදියර යටතේ මුලතිව් වැලිඔය මුහුදුබඩපත්තු ඇහැටුගස්වැව විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
එම පොලි අනුපාත අඩු කර ඇති මොහොතක වැඩිහිටියන්ට අත්වන ඉරණම පිළිබඳ සියලුම දේශපාලනඥයන් අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේ හඬ නඟා එම පොලිය 15%ට ලබා දෙන ලෙස යෝජනා කළ බවත් එම යෝජනාව මහපොළොවේ යථාර්ථයක් වී ක්‍රියාත්මක වන තෙක් තමා ඒ වෙනුවෙන් හඬ නගන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දූදරුවන් මෙන්ම වැඩිහිටියන්ගේ ජන ජීවිත සුරක්ෂිත කිරීම, ඔවුන්ට අදාළ රැකවරණය හා පහසුකම් ලබා දීම ශිෂ්ඨසම්පන්න ජන සමාජයක තිබිය යුතු උතුම් ගුණාංගයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් තමන්ගේ පවුල්වලත් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ගොඩක් ඇතිනෙ. දුප්පත් ජ්‍යෙෂ්ඨ පුරවැසි අයගේ ගිණුම්වලට නම් 15% දැනෙන එකක් නැහැ. තමනුත් දැන් පෙර විශ්‍රාමික වයසෙනෙ. අදහස නරකමත් නැහැ. දුර දිග බලල වැඩ කිරීම අගය කළ යුතුයි
මහින්ද මහතා ඕවා කිය කියා කරපු දේවල් නොවෙයි. මහ බැංකු හැත්ත ලක්ෂ ගණන් වලින් පඩි වැඩිකර ගත්ත හැබැයි 15% පොලිය නැතිකර දම්ම. මේ සල්ලි වලින් අපි ලෝකේ පුරා විනෝදගමන් ගියේ නැහැ. මේ කාල් හැදෙන ලෙඩ වලට බෙහෙත් ගත්තා. රනිල් බොට දෙන්නම් චන්දෙ බලාගෙන හිටු.
මෙයා බලයට පත් චුනොත් පොලී අනුපාත වැඩිකරලා හොද පිස්සුවක් නටයි. ගෝටගේ පෝර කතාව වගේ. බැලුවහම ආර්ථිකය ගැන කතා නොකරන ජෙප්පො තව හොදයි.
අනේ මේ.... ඔක්කොටම කලින් උඹේ අම්මව මේ රටේ මිනිස්සුන්ට බරක් වෙලා ඉන්න එක නවත්තපන් කයිවාරු ගහන්නේ නැතුව
විපක්ෂයේ නායකතුමා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 15% පොලිය අහිමි කලේ 2023 ජනවාරි මාසයේ සිට තමයි ඒත් ජනාධිපතිවරණයට මාස පහක් තරමට ලංවෙන තුරුම ඔහේට ජ්‍යේෂ්ඨ පුරවැසියන් අමතක වුණා එහෙම වුණත් ඔබතුමාට මතක් වීම ගැන සතුටුයි.. ඊළඟට කියන්න ඕනෑ ඔය පොලියෙන් කපාගත් මුදල් ආපසු ගන්න මාස තුනකට වරක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්න කියලා නියෝගයක් තියෙනවා... ඒක හරියට වැරැදි කරුවෙක්ට සතිපතා පොලිසියේ පෙනී සිටින්න කියනවා වගේ වැඩක්... ඒ දඬුවම ගැනත් අවධානය යොමුකර අපිට සහනයක් සලසා දෙනවා නම් හොඳයි.