
(ටී.කේ.ජී.කපිල සහ විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයිෂංකර් (Dr: S.Jaishankar) මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද (19) සවස පැමිණියේය .
එතුමා සමග එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සිව් දෙනෙකු ද පැමිණ සිටිති.
මෙම පිරිස මාලදිවයින සංචාරයක් නිමා කර මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර ඔවුන් ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත සවස 02.45ට පැමිණ තිබුණි.
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
මෙම සිදුවීම ආවරණය කිරීමට ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් හට ආරක්ෂක හේතූන් මත අවසර හිමි නොවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd