
(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ප්‍රවීණ වේදිකා සහ ටෙලිනාට්‍ය ශිල්පියකු වන ජයලාල් රෝහණ අද (11) රාත්‍රියේ රාගම ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහු 56 වැනි වියේ පසුවිය.
ඔහු රංගන ශිල්පියකු, නාට්‍ය අධ්යක්ෂවරයකු, ගුවන් විදුලි පිටපත් රචකයකු, දේශකයකු, ගුරුවරයකු, ලේඛකයකු මෙන්ම වේශ නිරූපන ශිල්පියකු ලෙසින් ද ලාංකේය කලා ක්ෂේත්රයට සිය දායකත්වය සැපයීය.
ජයවර්ධන පුර කෝට්ටේ ඉපදී හැදී වැඩුණු ඒ මහතා මූලික අධ්‍යාපනය හදාරන ලද්දේ කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයෙනි. 1980 වසරේදී උසස් පෙළින් සමත් වූ ඔහු අනතුරුව උසස් අධ්‍යාපන කටයුතු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේය. එහිදී ආචාර්ය ගාමිණී හත්තෙට්ටුගම, මහාචාර්ය ඈෂ්ලි හල්පෙ යන වියතුන් සමග කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබුණි. වේදිකා නාට්‍යය රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටියදී ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස සිය දායකත්වය දැක්වීමට ඔහුට අවස්ථාව හිමිවිය.
ඔහු ශාස්ත්‍රපති උපාධිය ලැබුවේ සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව යන විශයන් සම්බන්ධයෙනි. පසු කලෙක ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ආරාධිත කථාකාචාර්යවරයකු ලෙසද, පාසල් විෂය ධාරාව සඳහා නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයකු ලෙස ද සේවය කළේය. ඔහු දෙස් විදෙස් ආයතනවල ආරාධිත දේශකයකුද වූයේය.
වේදිකා නාට්‍යවල අංග රචනය පිළිබඳ 'සැබෑ මුහුණේ වෙස් මුහුණු' යන කෘතිය ද, වේදිකා රංගාලෝකය පිළිබද 'සබේ විදුලි විලක්කුව' යන කෘතිය ද ඔහු රචනා කළ අතර, එම ක්ෂේත්‍ර පිළිබඳව විධිමත් ම කෘතියක් රචනා කළ පළමු වැන්නා ඔහු බවද සැලකේ.
ඔහුගේ මුල්ම සිනමා නිර්මාණය වූයේ පරාක්‍රම නිරිඇල්ල මහතාගේ 'අයෝමා' චිත්‍රපටයයි. මෑත කාලයේදී චේදිකාගත වූ 'ගොන්ඩෝලා' වේදිකා නාට්‍යය නිර්මාණය කරනු ලැබුවේද ඔහු විසිනි.
'ඉසුරු යෝගය' ටෙලි නාට්‍යයේ මුතුමිණ නම් චරිතය වෙනුවන් දැක්වූ රංගන දායකත්වය සඳහා 2006 වසරේදී සුමති ටෙලි සම්මාන උළෙලේ, රාජ්‍ය සම්මාන උළෙලේ සහ සිග්නීස් සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානයෙන්ද ජයලාල් රෝහණ පිදුම් ලැබීය.
ජයලාල් රෝහණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ හිස්තැන කිසිවකු පුරවන්නේ නැති බව සහතිකයි.. ඔබට නිවන්සුව ලැබේවා...!
වටිනා දැනුම් සම්භාරයක් රටට අහිමි වුණා. ඔබතුමාට නිවන්සුව...!
ඉතාම කණගාටුදායකයි. එතුමාට නිවන් සුව පතමි...!!!
ඔබතුමාට අජරාමර උතුම් වූ අමාමහ නිවන් සම්පත්තිය ලැබේවා..!!! ඉපදෙනා කිසිම ආත්මයක මෙවන් අකල් වියොවක් අත් නොවේවා...!!!
"කරුමේ කිම වද වෙන මල් සදිසි.... මිනිස්සු" සුබ ගමන් පිරිපුන් කලාකරුවාණනි...!!!
අයියෝ ඔබතුමා, ජයලත් මනෝරත්න වගේ අති විශිෂ්ඨයන් ඉක්මණින්ම දාලා යන්නේ අපේ අවාසනාව... හරිම දුකයි..
මට මේක අදහගන්න බැරිවුණා. හොඳ මිනිස්සුන්ට මේ ලෝකේ ආයුෂ දෙනවා අඩුයි මොකක් හරි අපි නොදන්නා හේතුවක් නිසා. ඉතාම හොඳ නිහතමානී කලාකරුවෙක්. අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන නොයෙකුත් අඩුපාඩුකම් ලස්සනට පෙන්නලා දුන්න රටේ දියුණුවට අපි හිතන විදිහ වෙනස් කරන්න ඕනෑ කියලා පෙන්නලා දුන්නු උතුම් මිනිසෙක්... රටට අහිමි වුණා. ඔබතුමාට නිවන් සුව ලැබේවා!
ජයලාල් මහත්මයාණෙනි, ඔබ අති දක්ෂ කලාකරුවෙක්, ගුරුවරයෙක් වගේම ඉහළම සන්නිවේදකයෙක්. නමුත් ඊටත් වඩා මම ඔබගේ අව්‍යාජත්වයට බොහෝ ගරුකළා. සුබ ගමන් හිතවතාණෙනි. මීළඟ භාවයේදීත් ඔබ අපේ රටේම ඉපදී, රටේ කළා ක්ෂේත්රය ඉහළම තලයකට ගෙනයන්න මංපෙත් පාදන්න. ඒ සියලු මෙහෙවර අවසන් වූ පසු... සසරේ ඊළඟ භවයේදී ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නම්...
ගොඩක් වටිනා යහපත් මිනිහෙක් රටට අහිමි වුණා. ඔබතුමන්ට නිවන් සුව පතනවා ශ්‍රේෂ්ඨ කලාකරුවාණෙනි..!!!
කළ මෙහෙවර අමිලයි. ඔබතුමාට නිවන් සුව පතමි...!!!
අනේ හිතාගන්න බැරි දෙයක්. මුතුමිණ කියන නම අපට කවදාවත් අමතක නැහැ. මොහු සිටින වැඩ සටහන් බලන්නේ හරිම කැමැත්තෙන්... මේ වගේ අය නැතිවීම හරිම පාඩුවක්. ඔබතුමාට නිවන් සුව ලැබේවා...!
එතුමාගේ වියෝව අපිට අදහාගන්න බැරිතරම්... හරිම කණගාටුදායකයි. සාගරයක් වගේ දැනුම් සම්භාරයක් ඇති ඔහු අපිව කොතරම් දැනුවත් කළාද? ටෙලිවිෂන් ඉස්කෝලේ මතක් වෙනවා. ඔබට අමාමහ නිවන්සුව අත්වේවා...!
හරිම කණගාටු දායකයි. ඔබට නිවන්සුව පතමි ආදරණීය කලාකරුවාණෙනි..,
මා මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අවදියේ ඔහු හා සමීපව ඇසුරු කරන්නට වාසනාව ලැබුණා. ඔහුගේ දිරිය කැදැල්ල වීදි නාට්‍ය කණ්ඩායම සමග රටපුරා සැරිසරන්න අවස්ථාව මට ලැබුණා. අපේ හිත්වල තිබුණු හණමිටි අදහස්වලින් මිදී ස්වාධීනව සිතන්නට අපිට මග පෙන්වූයේ ඔහු... ඔහු වැනි රැඩිකල් මිනිසුන් අවශ්‍යම මොහොතක ඔහුගේ නික්මයාම ශ්‍රී ලාංකික සමාජයට පිරිමැසිය නොහැකි හිස් තැනක් ඉතුරු කරාවි. රඟපෑම නොව රඟනොපා ජීවත් වන්නට ඉගැන්වූ ගුරුතුමනි ඔබට සුබ ගමන්....!!!
හරිම දුකයි. ඔබතුමාට නිවන් සුව අත් වේවා...!!!
ජයලාල් මහත්මයාණෙනි, නිවන් සැප ලැබේවා..!!!
විශිෂ්ට මිනිසෙකුගේ සමුගැනීමක්. රටට පිරවිය නොහැකි පාඩුවක්. මිට වසර 34 කට පමණ පෙර ඔබව දුටු මා මුල්ම සහ අවසන් දවසයි. ඒ කෙටි පිළිසඳරේදීම ඔබගේ අව්‍යාජත්වයෙන්, දැනුමෙන් සහ විහිලු කතාවලින් මා ප්‍රබෝධමත් විය. ඔබට නිවන් සුව පතනවා හැර වෙන කිව යුතු දෙයක් නැත.
කලාකරුවාණෙනි! මහත්මයාණෙනි! ඔබට නිවන් සුව!
රාගමට ගෙනිච්චොත් මේ වගේ කළා කරුවකුට විතරක් නොවේ... රටේ ජනාධිපතිට වුණත් වෙන්නේ තමයි. ගේට්ටුව ගාව පාර අවහිර වෙලා. රෝහල ඇතුළට එන පාරේ කොටසක දොස්තරලාගේ වාහන නවත්තලා... දොස්තරලා, නර්ස්ලා, ඇටෙන්ඩන්ට්ලා එන්නෙත් හදිසි ලෙඩ්ඩු ඇතුළත් කරන ස්ථානය ඉදිරියෙන්... එතකොට එතන කොහොමටත් අවහිර වෙලා. හදිසි ඒකකය ඉදිරියේත් දොස්තරලා වාහන නවත්තලා. ඕනෑම කෙනෙකුට එතන තියෙන වැඩ හොඳට පේනවා.
දක්ෂ කලාකරුවෙකු මෙන්ම පරිසරය, ස්වභාව සෞන්දර්යය පිළිබඳව හොඳ දැනුමක් තිබුණු ඔබට නිවන්සුව අත්වේවා....!!
ජයලාල් සොයුරාණෙනි, සතර අභිනය ඇතුළුව මුළු ඇඟේම කලාව අන්තර්ගත වූ ඔබගේ කලා කෞශල්‍යය ගැන කීමට වදන් අවශ්‍ය නැත. ඒ තරමටම ප්‍රේක්ෂක සිත්සතන් ඔබගේ නිර්මාණ ගුණය හා ප්‍රතිභාව හඳුනා සිටි බව පැවසිය යුතුව ඇත. ඔබ අප හැර ගියේ සිරුරෙන් පමණි. මිතුරාණෙනි, ඔබට නිවන් සුව..
අහෝ..!!! සොහොයුරාණෙනි, මේ ආරංචිය කොහොම විශ්වාස කරන්නද? නමුත් එය සැබෑවක් බව සියල්ලෝම පවසති. ලෝ දහම එයම තමයි. ඔබතුමාගේ මතු භවය සුගතිගාමී වේවා..!!! මේ බුද්ධ ශාසනය තුළදීම නිර්වාණය අවබෝධ වේවා...!!!
ඔබට නිවන් සුව !..
අපේ රටේ ජනතාව මෙවන් කලාකරුවන්ට කොතරම් ආදරයද යත් මෙතුමාගේ වියෝ වූ පුවත ආසන්න වශයෙන් 15500 ක් දෙනා දැනට කියවා ඇත. නමුත් රටේ පාලකයින් කිසියම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ විට අඩුම වශයෙන් 500 දෙනෙක්වත් එය කියවන අවස්ථා විරලයි, ඒ අනුව අප පාලකයන් වෙත දක්වා ඇති විශ්වාසය කෙතෙක්ද යන්න මෙයින් පැහැදිලි වේ. සැබැවින් මෙවන් කලා කරුවෙකුගේ රික්තකය පිරවීමට බොහෝ කල් ගතවනු ඇත. ඔබට සුබ ගමන් ජයලාල් රෝහණ මැතිතුමණි...
උගත් පඬි රුවනක්. රටට අහිමිවීම පාඩුවක්... මා දුටු නිහතමානීම කලාකරුවෙක්.. ඔබට නිවන් සුව පතමි.
අපිට ලැබුණු ශ්‍රේෂ්ඨ සම්පතක් අපෙන් වෙන්ව ගියා... හිත හොඳ මනුස්සයෙක් අපට නැතිවුණා.
ඔබ අපට ඉගැන්වූ අප කාහටවත් අමතක නොවන පාඩම ...අව්‍යාජත්වය , නිරහන්කාර බව...!!! ප්‍රිය කලාකරුවාණෙනි, උතුම් මිනිසාණෙනි.. නිවන් සුව ලබන්නට කලින් යළිත් එක වතාවක්වත් මේ රටේම ඉපදී අපේ රටේ වල් වැදී ඇති කලා කෙත සරුකරන්න උදව්කරන්න. ඔබට උතුම්වූ නිවන් සුව පතන්නම්...!!!
ඔබතුමාට නිවන් සුව පතනවා.
ඉන්න ඕනෑ අය යනවා. යන්න ඕනෑ අය රොත්ත පිටින් මිනිස් ලේ උරා බොමින් වැජඹෙනවා. ඔබතුමාට නිවන් සුව ලැබේවා...!!!