(ඉන්දිකා රාමනායක)
ජාතික තව්හීත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ තවත් සාමාජිකයකු රටින් පලා යාමට උත්සහ කිරීමේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ලේ පදිංචිකරුවකු වන සෙයින් අන්සාර් මොහොමඩ් නැමැත්තා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම සැකකරු නුවරඑළියේ තව්හීත් ජමාත් සංවිධාන පුහුණු කඳවුරේ දේශනවලට සම්බන්ධ වී ඇති පුද්ගලයකු බවත් මොහු සම්බන්ධයෙන් ත්රස්තාවාදී විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වමින් සිටින අතරේ මොහු සිය ගම් ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම සැකකරු රටින් පලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටින බවට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට ලැබුණ තොරතුරු අනුව එම පොලිස් කණ්ඩායමක් එහි රැක සිට මොහු අත්අඩංගුවට ගෙන ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
සැකකරු අත්අඩංගුවට පසුවන අවස්ථාවේ ඔහු ජපානයට යාමට සූදානමින් සිට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහරානුත් ජපන් ගියාලු. මොකක් හරි සිද්ධියක් ජපානේ තියෙනවා..
රනිල් මහත්තයා කියපු විදියට 99%ක් ඇල්ලුවා කිව්වා නේ. මේ 100වැනියා වෙන්න ඇති. ඒත් අර මඩකලපුවේ පිස්තෝල පැහැර ගත්තේ 101% වෙනියාද? කියලයි ප්‍රශ්නේ!
අත්අඩංගුවට අරගෙන අර ඇස් වහගෙන තරාදියක් අතෙන් අල්ලාගෙන ඉන්න ළඳට බාරදෙන්න. එයා මෙයාලව එළියට දායි.
රටේ ආරක්ෂක ඇමතිකම සරත් ෆොන්සේකාට දෙන්න. ඔහු විතරයි ඔය ආණ්ඩුවේ රටට ආදරයක් ඇති එකම කෙනා. ඒ වගේම ආරක්ෂාව ගැන පළපුරුද්ද තියෙන්නේ ඔහුට විතරයි. ඔහුට ආරක්ෂක ඇමතිකම දෙන්නේ නැත්තේ දේශපාලන හොරු අහුවේවි කියලා.
රසික, ඔබ හරියටම හරි... ෆොන්සේකා තමයි රටේ ආරක්ෂාව පිළිබඳ වැඩිම පළපුරුද්දක් ඇති කෙනා. ඔහුගේ යුද උපාය උපක්‍රම හා නායකත්වය නිසයි.., කොටි පරදන්න හැකි වුනේ... ඔහු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ උදව්වෙන් හිටපු ජනපති මහින්ද දැනුවත් කරමින් යුද්ධය නිම වනතුරු ඒ දෙදෙනා සමග සුහදව කටයුතු කළ හැටිත් යුද්ධය නිමවූ පසු ඔවුන් දෙදෙනා ෆොන්සේකා විනාශ කරන්න ක්‍රියාකළ හැටිත් විස්තර කර තිබුණා. සාජන් රජු ටජ්මහල් හැදූ කෙනාගේ අත් දෙක කපා දැමුවා වගේ වැඩක්නේ ෆොන්සේකාට කරන්න ගියේ... රජ මානසිකත්වයේ හැටි ඔහොම තමයි. මුණසිංහට කියන්න තියෙන්නේ 99% කියන්නේ ඉතිරි 1%ට ත්‍රස්ත ක්‍රියා කරන්න බැරිවෙන්න උපක්‍රම යොදා තිබෙන නිසා එයාලා මොනවා කරන්න ගියත් මෙසේ අහුවෙනවා කියන අදහසයි... 1% කියන්නේ එක්කෙනෙක් නොවේ.. ත්රස්තවාදීන් මුලුගන්න සමග සැසඳුවාම1000ක් හෝ ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්... ගණිතයෙහි එන මේ සරල න්‍යාය මුණසිංහ නොදන්නා බවයි ඔබ රනිල් ගැන ලියා ඇති ප්‍රකාශයෙන් ඔප්පුවෙන්නේ. මීට පස්සෙවත් තමන් දන්නවා කියා හිතුවට තමන්ට වඩා දන්නා අයත් මෙවැනි ප්‍රකාශන බලන නිසා හැකි තරම් හරි ප්රකාශනයක් කරන්න උත්සාහ ගන්න.
මුණසිංහ, චන්දිම, 99%ක් ත්රස්තවාදීන් ඇල්ලුවා කියන්නේ 1%ක් තව ඉන්නවා කියන එකයි. ඒ 1% කියන්නේ 1000ක් හෝ ඊට වැඩි හෝ අඩු හෝ වියහැකියි. මුළු ගණන හා සසඳන කොට. නමුත් ඒ 1% ත්‍රස්තවාදී ක්‍රියා කරන්න ගියොත් මේ වගේ අහුවෙනවා කියන අදහසයි 99% ක් ඇල්ලුවා කියන අදහසේ ගැබ්වී තියෙන්නේ. එකිනෙකාගේ බුද්ධි මට්ටම් වෙනස් නිසා තේරුම් යන විදිහත් වෙනස් නිසානේ මත ගැටුම නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ මතගැටුමෙන් නිවැරදි වූ දැකීමට, කල්පනාවට, සිහියට අරමුණට, වචනයට, උත්සාහයට, ක්‍රියාවට, ජීවනයට මගපාදා ගැනීමට අන්තවාදී නොවී තමාම හිතාබැලිය යුතුයි.
රසික, ඔබ හරියටම හරි... නමුත් යුද්ධයෙන් පස්සේ මහින්දත් වත්මන් ජනපතිත් ෆොන්සේකාව නැති කරන්න හදන්නේ බයට වෙන්න ඇති...