
(රෝෂන් තුෂාර)
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින , ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන බවත්,විමර්ශනය සමථයකට පත්කිරීම නොකරන බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද(07) ප්‍රකාශ කළේය.
අල්ලස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් කොමිසමේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ සැකකාර හේමාලී විජේරත්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් චෝදනා පත්‍ර ගොනු කිරීමට තවත් කාලය අවශ්‍ය බවය.
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ඇප මත සිටින හේමාලී විජේරත්න සැකකාරිය පසුගිය 05 වෙනි දින විශේෂ මෝසමක් ගොනු කරමින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේදී කොන්දේසි විරහිතව සමාව ගෙන නඩුව සමථයකට පත් කිරීමට සූදානම් බව ප්‍රකාශය කළාය.
සැකකාරියට අධ්‍යාපනය හැදෑරීම සඳහා විදේශගත වීමට අවශ්‍ය බැවින් විමර්ශන කටයුතුවලට බාධා නොවන පරිදි නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධතාවයක් නොමැති බවද,සැකකාරියගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කළ යුතු බවද දන්වා සිටියේය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘ජ‘පුර වෛද්‍ය දියණියට චෝදනා ගොනු කරනවා‘‘