
තෙදින නිල සංචාරයක් අරඹමින්, ජපන් අග්‍රාමාත්‍ය සානේ ටකයිචී හෙට (1) ඉන්දියාවට පැමිණීමට නියමිතය.
ජපානයත්, ඉන්දියාවත් අතර ද්වීපාර්ශ්වීක සබඳතා තවත් ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම ජපන් අග්‍රාමාත්‍යවරියගේ මෙම සංචාරයේ අරමුණ බව පැවැසෙයි.
සානේ ටකයිචී, ජපාන අග්‍රාමාත්‍යවරිය බවට පත්වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු, ඇය ඉන්දියාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.
ටකයිචී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිත්, ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මු හමුවීමට නියමිතය.
අර්ධ සන්නායක, අත්‍යවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, බලශක්තිය සහ වෛද්‍ය උපකරණ යන ක්ෂේත්රවලට අදාළව ගිවිසුම් රැසකට අත්සන් කිරීමට සහ උපායමාර්ගික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ජපන් අග්‍රාමාත්‍යවරිය සූදානමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd