(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලාංකීය ජනතාවට සෘජුවම ප්‍රතිලාභ සැලසෙන අයුරින් ඖෂධ,ආහාර ලබාදීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 3 ක මුදලක් හදිසි මානුෂීය ආධාර ලෙස යුනිසෙෆ් සංවිධානයට සහ ලෝක ආහාර වැඩසටහනට පිරිනමන බව ජපන් තානාපති කාර්යාලය පැවසීය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ ජපාන රජය දරණ ස්ථාවරය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වල පළවූ වාර්තා නිවැරදි නොවන නොමග යවනසුළු ඒවා බව ජපන් තානාපති කාර්යාලය පැවසුවේය.
ශ්‍රී ලංකාවේ වත්මන් දුෂ්කර ආර්ථික තත්ත්වය සහ ඒ හේතුවෙන් ඇති වී තිබෙන මානුෂීය තත්ත්වය පිළිබඳව ජපානය දැඩි අවධානයක් යොමු කර ඇතැයි ජපන් තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
ජපානයේ දිගුකාලීන මිතුරෙකු වන ශ්‍රී ලංකාවේ, ජනතාව මුහුණ දෙන දුෂ්කරතා මඟහරවා ගැනීමට මෙම ආධාර උපකාර වනු ඇතැයි ජපානය අවංකවම බලාපොරොත්තු වන බව තානාපති කාර්යාලය සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡාවල ප්‍රගතිය සහ මෙරට වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්,ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ සාකච්ඡා කර ඉදිරියට ලබා දෙන සහාය සම්බන්ධයෙන් තීරණය කරන බව ජපන් තානාපති කාර්යාලය පැවසුවේය.
ශ්‍රී ලංකාවට ඉදිරියටත් ජපානයේ සහාය හිමිවන බව ජපන් තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd