(යොහාන් භාසුර)
ඩොලර් වියදම් නොකර ජපානයෙන් ණයට වාහන ගතහැකි බවත් නව වාහනයක් සියයට 70 ක් අඩුවෙන් ආනයනය කළ හැකි බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චි මහතා අද (14) පැවසීය.
‘විට්ස්’ වර්ගයේ රථයක් ජපානයෙන් රුපියල් ලක්‍ෂ 10 කට 12 කට ලබාගෙන බදුත් සමඟ සාධාරණ මිලට අළෙවි කළ හැකි බව කී ඒ මහතා වාහන ආනයනය පිළිබඳ දැනුම ආනයනරුවන් සතුවීම නිසා වාහන ආනයනය ක්ෂේත්‍රය පණ ගැන්වීමේ හැකියාව ඔවුන්ට ඇති බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මෙයාලා සාධාරණ මිලට ලංකාවෙ වාහන විකුණන්න යනවලු...හුකෑස්....ගාල හිනා යනවා
මිනිහෝ මේ රට වැටිල තියෙන හැටියට තව වාහන ගෙනාවොත් රටට මොනව වෙයිද කියල හිතපන් ආත්මාර්තකාමි නොවී. අතිතෙත් උබල ගෙන්නපු වාහන මේ අඅර්බුදයට ඉහලින්ම බලපෑව බව ඕනෑ ගොනෙක්ට තේරෙනව උඹල වගේ හිවලුන්ට නොතේරුනාට.
ණයට......මුන්නම් අමු කපටියො. වාහන විතරයි අඩු
වාහන ණයට ආනයනය කලොත් මෙරට විදේශීය මුදල් ජපානයට නොයනවා නම් ණය පියවන්නේ රුපියල් වලින්ද? නැහැ ණය පියවන්නේ රටට ලැබෙන්න තිබෙන විදේශීය මුදල් වලින්. එහෙනම් මෙහෙන් ගියත් එකයි එන මුදල් මගදී නැවැත්තුවත් එකයි. දෙකෙන්ම වෙන්නේ රටේ විදෙස් මුදල් සන්ච්තිය අඩුවීමයි. එමනිසා වාහන ගෙන්වන්න එපා.
මේ ආනයන කරුවෝ මහා අවස්ථාවාදී , කල දුටු කල වල ඉහගන්න ජාතියක්. මෙච්චර කල් ඇයි මේක නොකළේ. රටේ මිනිස්සුන්ගේ සල්ලි ටික ගරා ගන්න කරන කූට වැඩක්. වාහන ගෙන්වන්න දෙන්න එපා.
මේ මිනිසුන්ට ඕනේ කොහොම හරි වාහන ගෙන්න. පසුගිය මාස කිහිපය තුල කොහොම හරි, විදේශිකයන්ගේ පැමිණීම සහ රට ගිය අය නිසා කෙසේ හෝ සංචිත වැඩිවේගෙන එනකොට, ඒ මුදල් පාවිච්චි කරන්න තව දහසක් වැඩ තියෙද්දී, වාහන ගෙන්නපියවූ කිය කියා දගලන එක තමයි වැඩේ. ඔය මොනවා කිව්වත අයෙත් හොර පාරෙන් එලියට dollar යවන වැඩේ පටන් ගන්නවා ඕක කරපු ගමන්.
මිනිස්සුන්ට කන්නවත් සල්ලි නැහැ... තව ණයට ජපානෙන් වාහන ගේන්න කල්පනාව...
යෝජනාව කෙරුනොත් ඉතාම සාධාරණයි
මේ රට බංකොලොත් වෙලාවේ ණයට වාහන ගෙනත් හරියනවද .ජපන් වාහන ගෙනල්ලා අසාධාරණ ගණන් වලට විකුනපු මේ වගේ තක්කඩින්ට ආයෙත් උදව් කරන 1 නෙමේ කරන්න ඕන මේ වෙලාවේ.රටේ නිෂ්පාදන වැඩි කරන්න ඕන විවිධ ක්ෂේශ්ත්‍ර වල.වාහන ඕන නෑ
මොකටද ණයට අරගෙන කාර් එලවන්නේ .සුළු කොටසක් සතුටු කරන්නේ. හැම රටවැසියෙක්ම ණය කාරයෙක් වෙන්න ඕන .පුදුම ගණන් හැදිල්ලක් සාමාන්‍ය මිනිසා එදා වේල හොයාගන්න ජීවිත සටනක ඉන්නකොට මොනවද මේ පිස්සු කතා
අලුතෙන් වහන ගෙන්වන්න මුදල් නොමතිනම් දැනට ලංකාවෙ තිබෙන වාහන අලුත්වැඩියා කරගෙන පවිච්චි කරන්න රටෙ ඉහල ගොස් ඇති වාහන අමතරකොටස් මිල අඩු කරන්න යම්කිසි දෙයක් කරන්න
ත්‍රී වීල් එකකුත් ලක්ෂ 12 වෙන රටේ වාහන ලාබෙට කොහෙද තියෙන්නේ .හැම වාහනයක්ම ලාබයි .නමුත් අපේ රටේ ටැක්ස් ගැහිල්ල නිසා තමයි මේ තරම් විශාල මිලක් මේ නිකන් යකඩ තහඩු වලට ගෙවන්න සිදුවෙලා තියෙන්නේ