IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජපානයට ක්‍රිකට් උගන්නන්න ගිවිසුමක්

(යොහාන් භාසුර)

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සහයෝගය දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපන් ක්‍රිකට් සංගමය අවබෝදතා ගොවිසුමකට අස්සන් තැබීය.

සහයෝගිතා, හුවමාරු කිරීම් සහ ශ්‍රී ලංකාව සතු ක්‍රිකට් විශේෂඥ දැනුම ප්‍රදානය කිරීම තුළින් ජපානයට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට උපකාර කිරීම අවබෝධතා ගිවිසුමේ අරමුණ වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ජපනයේ ක්‍රීඩකයින්, කණ්ඩායම්, පුහුණුකරුවන් සහ භාරකරුවන් ජපානයට යොමු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම් ජපානයේ ද, ජපානයේ කණ්ඩායම් ශ්‍රී ලංකාවට ද, තරග සංචාර සඳහා සහභාගී වීම සහ ජපානයේ කණ්ඩායම්වලට මෙරටදී පුහුණුවීමේ අවස්ථාව දීමට නියමිතය.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සහ ජපාන ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී නඕකි ඇලෙක්ස් මියාජි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී එම අවබෝධතා ගිවිසුමට අස්සන් තැබූහ.

ශ්‍රී ලංකාවේ ජපන් නියෝජ්‍ය තානාපති කොටාරෝ කට්සුකි, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ ජපාන ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද ජපාන ක්‍රිකට් සංවර්ධන සුහද තානාපති ප්‍රියන්ත කාරියප්පෙරුම යන මහත්වරු ඇතුළු පිරිස් මෙම අවස්ථාවට සහභාගි වූහ. 



අදහස් (4)

ජපානයට ක්‍රිකට් උගන්නන්න ගිවිසුමක්

Perera Wednesday, 13 March 2024 01:21 PM

ජපානය කාලය නාස්ති කරන රටක් නෙවෙයි නේ...!

:       1       6

පිටරටවැසියා Wednesday, 13 March 2024 06:08 PM

ක්‍රිකට් එක්කම හොරකමත් උගන්නන්න. මොකද, ජපනා ක්‍රිකට් දන්නේ චුට්ටක් වුණාට, හොරකම චුට්ටක්වත් දන්නේනෑ..

:       0       9

Chandana Fernando Wednesday, 13 March 2024 10:05 PM

බෝඩ් එකට මරු පල්ලම...

:       0       0

kotiya Thursday, 14 March 2024 02:20 AM

මිත්‍රවරුණි, සංවේගයෙන් දැණුම් දෙනු ලබන්නේ ජපන්නු ක්‍රිකට් ගහලා අහවර බවයි.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site