
(කැලුම් බණ්ඩාර)
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණසල්ල පළ කළේය.
ශ්‍රී ලංකාවට ජපානයෙන් ගෙන්වන විද්‍යුත් මෝටර් රථ සඳහා පනවනු ලබන බදු අනුපාත අනෙක් රටවලින් මෙරටට ගෙන්වන විද්‍යුත් මෝටර් රථ සඳහා පනවනු ලබන බදු අනුපාත සමග සංසන්දනය කිරීමේදී ඉහළ මට්ටමක පවතින බවත් ශ්‍රී ලංකාව සහ ජපානය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹෙන්නේ නම් ජපානයෙන් මෙරටට ගෙන්වන වාහන සඳහා පනවනු ලබන බදු අනුපාත පිළිබඳව අනිවාර්යයෙන්ම සාකච්ඡාවට බඳුන් විය යුතු බවත් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් හුදෙක් දෙරට අතර වෙළෙඳ ගිවිසුමක් තිබෙන බව පෙන්වා දීම සඳහා ජපානය ශ්‍රී ලංකාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට සූදානම් නැති බවද ඔහු පැවසීය.
කෙසේ නමුත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා මෙතෙක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ලැබී නොමැති බවද ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් යථාර්ථවාදී වනු ඇත්තේ ඉන් ලැබෙන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පමණක් බවද ඉසොමාටා මහතා පැවැසුවේය.
දේශපාලනමය හෝ සංකේතාත්මක හේතුන් මත නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට ජපානය කිසිසේත් සළකා නොබලනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
එහිදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ජපානය ලද අත්දැකීම් බෙදාහදා ගනිමින් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කර සිටියේ තීරුබදු ප්‍රකාශයට පත්කළ වහාම පසුගිය අප්‍රේල් 7 වැනිදා ජපාන අගමැතිවරයා ජනපති ට්‍රම්ප්ට දුරකතන ඇමතුමක් ලබාදුන් බවත් එහිදී තීරු බද්ද සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ඒ වෙනුවෙන් අමාත්‍යවරුන් දෙදෙනකු පත්කළ බවත්ය.
ඇමෙරිකාව සමග ජපානයට වෙළෙඳ ගැටලුවක් ඇතිවූ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත් ජපානයට මෙය අලුත් අර්බුදයක් නොවන බවත් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.
මීට පෙර කපු රෙදිපිළි විශාල ප්‍රමාණයක් ඇමෙරිකාවට අපනයනය කළ 1930 දශකයේදීද මෙවැනිම ගැටළුවක් ඇතිවූ බවත් එහිදී යම් ආකාරයක ස්වේච්ඡා අපනයන සීමාවන් ක්‍රියාත්මක කිරීමට ජපානයට සිදුවූ බවත් ඉසොමාටා මහතා පැවැසුවේය. නැවතත් 1970 දශකයේදීද මෙවැනිම ගැටළුවක් මතුවූ බවද ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාරයෙන් අර හිටපු නිදියන ද සිල්වා කරපු වැඩේ සහ එයට හිටපු ආණ්ඩු ගත්තු තීරණ වල තරම තමයි..
ලංකාවේ මධ්‍යම පාන්තිකයින්ගේ කාර් සිහිනය හොඳින් හෝ නරකින් හෝ හැබෑ වෙන්නයි යන්නේ...
එහෙම නම් ආන්ඩුවට පුළුවන්නේ හොඳ තීරණයක් ගන්න. මහ මැතිවරණයේදී කණගාටුවට පත්වන්නට ඉඩ ඇත...!
ස්වල්ප දෙනෙක් හැරෙන්නට, NPP/JVP පක්ෂය උපතින්ම දුක්ඛිත සහ මධ්‍යම පාන්තික වෛරක්කාරයින් වන අතර ඔවුන් මෝටර් රථයක් තිබීම සුඛෝපභෝගී දෙයක් යැයි සිතති. දැන් බලයේ සිටින අය එකම ආකාරයකින් සිතන්නේ මුදල් ඉතිරි කිරීමට ඇති ආදරය නිසා නොව ඉතා පසුගාමී ජීවන රටාවක් ගත කිරීමටයි. ඔවුන්ට ඇත්තටම ඉතිරි කිරීම පාලනය කිරීමට අවශ්‍ය නම්, නාස්තිය ගැන කිසිවෙකු තැකීමක් නොකරන රජයේ කාර්යාලයකට හෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට යන්න. එය කෙසේ වෙතත්, මෙම අමන බොරුකාරයෝ පසුගිය මැතිවරණවලදී පහසුවෙන් කලබල වූ ජනතාව බූරුවන් ලෙස රවටා ගත්හ. එකක් පැහැදිලියි. කෙබර කොටා 2028 වන විට කාර්යාලයෙන් පිටව යනු ඇත්තේ කිසිදු සංවර්ධනයක් නොමැතිව ඔහුගේ කාර්ය මණ්ඩලය සමඟ පුරසාරම් දොඩමින් පමණි.
මේ ආණ්ඩුව සහ එහි සගයන් හිතාගෙන ඉන්නේ අපිට ඕන තරන් බදු ගහන්න පුළුවන් කියලා, ඒත් එකේ අනිත් පැත්තට අපේ බඩු වලටත් බදු ගහන්න අනෙත් රටවලට පුළුවන් කියලා කල්පනා කරන්නේ නැහැ. දැන් මිල බැස්සුවොත් වාහන ගෙන්වන්න දුන් කාලේ ගෙනා අලුත් වාහන කෝටි ගණන් දීලා ගත්තු ඔවුන්ට සහ ලීසිං කාරයොන්ට මොකද වෙන්නේ? ආණ්ඩුවට දැන් මේක කොහොමටවත් හරවන්න බැරි මට්ටමකට ඇවිත් තියෙන්නේ. ඉතින් අන්තිමේ අපේ අපනයන වර්ජනය කරන තැනකට විදේශ රටවල් යොමුවීම තමයි වෙන්නේ. අලුත් ආර්ථික අර්බුදයක් මවලා මේ ආණ්ඩුව ගෙදර යාවි...
ලංකාවේ වාහන මිල අඩුවෙනවා කියන්නේ... සිහිනයක් පමණයි.
මේ අලුත් ආණ්ඩුව තරම් ධනවතුන් වෙනුවෙන් UNP හෝ පොහොට්ටුව වත් පෙනී ඉඳලා නැහැ ඉතිහාසයේ...
අපනයන ප්‍රවර්ධනය නොකර තීරුබදු වලින්ම රට ගෙනයන්න හදන එක විහිලුවට කරුණක් කියල තේරෙනවා නොවේද? අපනයනය කිරීමට භාණ්ඩ නිෂ්පාදනය කරන්නත් සමහර අමුද්‍රව්‍ය ආනයනය කරන්න ඕනෑ කියලා රජය නොදන්නා විදියට නේද කටයුතු වෙන්නේ...?
ජපන් බැංකු ලංකාවේ ණයවර ලිපි LC භාර නොගැනීම ගැන හැමෝම කණස්සල්ලෙන්...
අපිත් කනස්සල්ලෙන්. ජපාන තානාපතිතුමාට අපේ හද පිරි මෙව්වා එක. ජයවේවා!
ගිය ආණ්ඩු ජපානෙන් කොමිස් ගහන්න හදපු හැටිත් මෙතුමා මේ කතාවෙම කිව්ව. ඒක මෙතන පලකලේ නැත්තෙ මොකද දන්නෙ නෑ නේ?