
(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය වසර තිහක කාලය තුළදී ජපානයේ කන්සායි ගුවන්තොටුපොළට පැමිණි කිසිඳු ගුවන් මගියකුගේ ගමන් මල්ලක් අස්ථානගත වී නොමැති බවත් එය ලෝක වාර්තාවක් බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය.
පසුගිය වසරේදී පමණක් කන්සායි ගුවන් තොටුපොළට ගුවන් ගමන් මලු මිලියන දහයක් පැමිණ ඇති බවද ෆෝබ්ස් සඟරාව සඳහන් කළේය.
සෑම ගුවන් මගීන් දහසකටම සාමාන්‍යයෙන් ගුවන් ගමන්මලු 7.6 අස්ථානගතවීම සාමාන්‍ය කරුණක් බවද ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.
විවිධ හේතූන් මත ගුවන් තොටුපළවල්වලදී මගීන්ගේ ගමන්මලු අස්ථාන ගතවන බවත් එලෙස ගමන් මලු අස්ථානගත වීමට මිනිසුන් අතින් සිදුවන වැරදි ප්‍රධාන හේතුවක් වන බවත් ෆෝබ්ස් සඟරාව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට අපේ කටුනායක ගුවල්තොටුපළ. බෑග්වලින් බඩු හොරකම් කරනවද බලන්න අධීක්ෂණයට දාපු එකා තමයි හොරුන්ගේ නායකයා. මගේ ලැප්ටොප් පරිගණක දෙකක් හොරකම් කළා. අදටත් නෑ බලධාරින්ගෙන් ප්‍රතිචාර.
කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (KIX) යනු රින්කු නගරය, සෙන්නන් සහ තජිරිචෝ අසල ඔසාකා හි පිහිටි සුන්දර ගුවන් තොටුපළකි. සුභ පැතුම් KIX!