IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ජපන් භූමි කම්පාවෙන් සිදුවුණු හානිය බරපතලයි

නව වසර උදාවත් සමඟ ජපානය කැලැඹූ ප්‍රබල භූමි කම්පාවෙන් සහ අතුරු භූමි කම්පාවලින් සිදුවුණු හානිය අතිමහත් බවත්, ප්‍රබල භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වූ බවත්, බොහෝ දෙනකු තවමත් සුන්බුන් අතරේ සිරවී සිටින බවත් ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මාධ්‍ය හමුවේ පැවැසුවේය.

සුන්බුන් අතරේ සිරවුණු පිරිස් මුදා ගැනීමට සහන සේවකයන්, කාලය සමඟ සටනක නියැලී සිටින බවත්, හමුදාවේ සහාය ද සහන සේවකයන්ට හිමිවන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය. අග්‍රාමාත්‍ය කිෂිඩා මෙම හමුවේ අදහස් දැක්වූයේ සහන සේවකයන් සහ ආපදා කළමණාකරන නිලධාරීන් හමුවී ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

ජපන් ආරක්ෂක අමාත්‍ය මොනෝරු කිහාරා පැවැසුවේ, විපතට පත්වූවන් ආධාර ලබා දීමට හමුදාවේ 1,000 ක් යොදවා ඇති බවත්, තවත් 8,500 ක් සීරුවෙන් තබා ඇති බවත්ය. භූමි කම්පාවෙන් සිදුවුණු හානිය සම්බන්ධයෙන් සොයා බැලීම හමුදා ගුවන් යානා යොදා ගනිමින් සිදුවන බව ද පැවැසෙයි.

රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ භූමි කම්පාවෙන් ඉෂිකාවා පළාතට දරුණු හානි සිදුවිය. ගොඩනැගිලි සහ නිවාස බොහොමයක් බිමට සමතලා විය. විදුලි බල සැපැයුම් සම්පූර්ණයෙන්ම බිඳ වැටුණි. 45,000 කට වැඩි පිරිසක් විදුලි බලය නොමැතිව පීඩාවට පත් වී සිටින බව ජපන් අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත. මාර්ග රැසක් ඉරි තලා පුපුරා ගොස් ඇති බවත්, ගමනා ගමන කටයුතු මුළුමනින්ම පාහේ අඩපණ වී ඇති බවත් ජපන් මාධ්‍ය වාර්තා කළේය. නිවාස අහිමි වුණු 1,000 කට වැඩි පිරිසක් හමුදා කඳවුරුවල රැඳී සිටින බව ද පැවැසෙයි.

භූමි කම්පාවෙන් මියගිය ගණන 24 ක් යැයි ඇතැම් ජපන් මාධ්‍ය පැවැසුවත්, ජපන් රජය පවසා ඇත්තේ මියගිය ගණන 13 ක් පමණක් බවය. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කර ඇති බවත්, ඔවුන් අතරේ බරපතල තුවාල ලැබූ පුද්ගලයන් සිටින බවත් ජපන් මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ.



අදහස් (1)

ජපන් භූමි කම්පාවෙන් සිදුවුණු හානිය බරපතලයි

Thilak Tuesday, 02 January 2024 02:22 PM

අපගේ කනගාටුව .අනතුරෙන් තුවාල ලැබූ අය සුවපත්වේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1485 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1648 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 433 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site