(අංජුල මහික වීරරත්න)
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය .
මෙම ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඇමැතිවරයා කීය.
ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර පැවති සාකච්ඡාවකදී මෙම ව්‍යාපෘතිය යළි ඇස්තමේන්තු කිරීමට අවධානය යොමුව තිබේ. කොවිඩි වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් මේ සදහා වැය වන මුදල මුල් ඇස්තමේන්තුවට වඩා ඉහළ යාම නිසා යළි ඇස්තමේන්තුව සැකසීමට සිදුව ඇතැයි අමාත්‍යවරයා කීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය හා ජපාන රජය සමග පැවති සාකච්ඡා වලදී ගනු ලබන තීරණ අනුව ලබන වසර ඇතුලත පොදු පහසුකම් විතැන් කිරීම හා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට හැකි වනු ඇතැයිද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පියවරක්. අවසානයේ නිවැරදි මාවත ලැබුණි
එදා ගොන රුවන්ගේ ලණු කාල මෙම ව්‍යාපෘතිය අහෝසි කරන විට ඔයා කොහෙද හිටියේ? එදා ගෝටාභය ගත්තේම මෝඩ තීන්දු තමා. එතකොට ඔයත් එම මෝඩ තීන්දුව වෙනුවෙන් පැනී සිටියා. ඔයාලා කරන්නේම බලයේ ඉන්න කෙනාට කඩේ යන මිස, බුද්ධිමත්ව තීන්දු තීරණ ගන්න නැහැ.
දැන් ඉතින් 3 ගුණයකින් විතර මේක කරයි
එදා හොඳ නැහැ අද හොඳයි. ලජ්ජා නැද්ද?
යහපාලන රජය යටතේ 0.1% ක පොලී අනුපාතයකට ණය ලබාගෙන ක්‍රියාත්මක කිරීමට තිබුණු රටට ඉතාම වැදගත් ව්‍යාපෘතියක් "රට රකින විරුවා" පැමිණීමෙන් පසුව ඒක පාර්ශීකව එම ව්‍යාපෘති ගිවිසුම තහනම් කිරීම හේතුවෙන් රුපියල් බිලියන පහක වන්දි මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීමට සිදුවූ බව මතකද..? මහා චාරිගේ කමිටු වාර්තාව (ගුණරුවන් අල්විස්) ඒ සඳහා අනුබල දුන් බව අමතකද..? ඒ සිදුවූ පාඩුව ගෙවන්නේ කවුද..? දැන් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටින හොර තක්කඩියා ගැන මේ රටේ ජනතාව දන්නෙම නැද්ද..? පරණ ව්‍යාපෘති ගිවිසුම හා නව ගිවිසුම සංසන්දනය කලාම වැටහෙයි දෙකේ වෙනස...හොද ව්‍යාපෘති නවතා හොර ව්‍යාපෘති වලට ජනතාව කැමති රටක් මේක...
මුන්නම් මාර කාලකන්නි
බොහොම හොඳ වැඩක් ..සැමටම සුබපැතුම්
ආයෙත් පටන්ගන්නෙත් පරණ හරක් යටතේමද?
බොරු ව්‍යාපෘති හදල ගෝඨා බය ආණ්ඩුවට අන්ඩරදුන් අර ගුනරුවන් කියන බකපන්ඩිතයා කොහේද ?
මොකක් හරි පචයක් දාලා හයිලයිට් වෙනවා මේකා. බදු ගහන්න ඕන ඕකා වගේ උන් පච අරිනවාට.