
(මනෝප්‍රිය ගුණසේකර)
හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ”ගරාජ් අංක තහඩුවක්” සහිත බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාලව හෙට (23) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් දීමට සූදානම් බව හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (22) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
මෙම විමර්ශනයට අදාළව ජෝන්ස්ටන් ප්‍රනාන්දු නමැත්තා ප්‍රකාශයක් දීම අත්‍යවශ්‍ය බවත් ඔහු වරදක් කර අද්ද? නැත්නම් නිර්දෝෂී පුද්ගලයෙක්ද? යන්න පොලිසියට තීන්දු කළ හැක්කේ ඔහු ප්‍රකාශයක් ලබා දුන්නොත් පමණක් බව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා පෙන්වා දුන් අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල පල්ලියගේ මහතා ඒ බවට පොරොනන්දු විය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන්රත්නම් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ”ගරාජ් අංක තහඩුවක්” සහිත බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇතැයි සඳහන් කරමින් ගොනු කර ඇති පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල පල්ලියගේ මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තම සේවාදායකයාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇතැයි කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නේ නැහැ. මට මතක නැහැ.
හෙට ජොන්ස්ටන් අසනීප වෙනවා, ණයෙක් කනවා, කපුටෙක් වහනවා. මේවායින් එකක් කියලා කුරුණෑගල රාජසභා මණ්ඩපේ කඩන්න අවසර දින ගන්න.
යන්නකෝ, ගිහින්..................අනේ මන්දා?
අංක එක පැමිණෙන්න ඉදිරියට.
අන්ඩක් කඩල එල්ලුව නම් හරි අනිත් අයටත් පෙන්න. අර සමිතගෙ පුතත් ඉන්නවනෙ.
සමිතට දුන්නු තැග්ගක් නේ?
නියමයි .හෙට බඩු මිල අඩු වේවි