(යොහාන් භාසුර)
ජනවාරි මාස වැට් බදු වැඩි වීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
ජනවාරි මාසයේ සිට බස් රථ ආනයනයේදී සාමාන්‍ය බස්රථයකි එක්කෝටි පනස් හත් ලක්ෂයක් පමණ වන බවත් එම මිලට බස් රථයක් මිලදී ගෙන සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කිරීමේ හැකියාවක් නොමැති බවත් බස් අමතර කොටස් මිල, ලිහිසි තෙල් මිල, ඉන්ධන මිල, සේවා ගාස්තු සියලුම දේවල් ඉහළ යන බවත් විජේරත්න මහතා කීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන බව ද විජේරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd