IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනෙල් කණ්ඩියෙන් වැටී ලාන්ස් කෝප්‍රල්වරයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පනාගොඩ යුද හමුදා මූලස්ථානයේ ප්‍රධාන කාර්යාලයේ ජනෙලයක ඉහළින් තිබෙන කොන්ක්‍රීට් පියස්සක් මතින් බිමට වැටීමෙන් ලාන්ස් කෝප්‍රල්වරයකු මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඇකිරිය ,කුරනාගම , පොල්ගහකොටුව පදිංචිව සිටි පලවෙනි කාර්ය ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස සේවය කළ ජි පි එම් රත්නායක නැමැති 32 හැවිරිදි දෙදරු පියෙකි,

මියගිය ලාන්ස් කෝප්‍රල් වරයා යුද හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල කාර්‍යාලයේ වහලය වෙත විහිදී තිබූ කොස් ගසක අත්තක් කැපීම සඳහා එම කාර්යාලයේ ජනේලය ඉහලින් තියෙන කොන්ක්‍රීට් පියස්ස මත නැගී සිටිය දී පය ලිස්සා බිමට වැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඒ වනවිට ඔහුගේ කණ්ඩායමේ පහලොස් දෙනෙකු පමණ ඒ ආසන්නයේ සිට ඇති අතර වහා ක්‍රියාත්මක වූ එම සෙබළුන් බරපතළ තුවාල ලද ලාන්ස් කෝප්‍රල් වරයා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 



අදහස් (1)

ජනෙල් කණ්ඩියෙන් වැටී ලාන්ස් කෝප්‍රල්වරයෙක් මරුට

ravin Sunday, 15 January 2023 09:54 AM

ලංකාවේ සිටිනුයේ වෘත්තීය හමුදාවක් නේද? ඇයි මෙවැනි ක්‍රියාකාරකම්වලදී ආරක්ෂිත බඳ පිටි පැළඳීම අනිවාර්යය නොකරන්නේ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site