(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පනාගොඩ යුද හමුදා මූලස්ථානයේ ප්‍රධාන කාර්යාලයේ ජනෙලයක ඉහළින් තිබෙන කොන්ක්‍රීට් පියස්සක් මතින් බිමට වැටීමෙන් ලාන්ස් කෝප්‍රල්වරයකු මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඇකිරිය ,කුරනාගම , පොල්ගහකොටුව පදිංචිව සිටි පලවෙනි කාර්ය ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස සේවය කළ ජි පි එම් රත්නායක නැමැති 32 හැවිරිදි දෙදරු පියෙකි,

මියගිය ලාන්ස් කෝප්‍රල් වරයා යුද හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල කාර්‍යාලයේ වහලය වෙත විහිදී තිබූ කොස් ගසක අත්තක් කැපීම සඳහා එම කාර්යාලයේ ජනේලය ඉහලින් තියෙන කොන්ක්‍රීට් පියස්ස මත නැගී සිටිය දී පය ලිස්සා බිමට වැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඒ වනවිට ඔහුගේ කණ්ඩායමේ පහලොස් දෙනෙකු පමණ ඒ ආසන්නයේ සිට ඇති අතර වහා ක්‍රියාත්මක වූ එම සෙබළුන් බරපතළ තුවාල ලද ලාන්ස් කෝප්‍රල් වරයා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.