
(නිමල කොඩිතුවක්කු)
ජනරාල් දයා රත්නායක මහතා කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්්‍යාලයේදී අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය.
එහි දී ජනරාල් දයා රත්නායක මහතාව සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජනරාල් දයා රත්නායක මහතා දශක 3ක රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමට නායකත්වය ලබා දුන් අතර යුදහමුදාපතිධුරයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබන්ඩාර මහතාද එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනරාල් දයා රත්නායක සජබට
Bamunuarachchi Tuesday, 30 January 2024 06:30 AM
වාසි පැත්තට හෝයියා. දැන් මෙයත් එක්ක හිටපු හමුදාවේ කෂ්ටිය ඔක්කොම සජබෙට එනවාද නැතිනම් මෙයාගේ චන්දෙ විතරයිද?
ලුම්බිණි Tuesday, 30 January 2024 09:29 AM
එක ජාතියේ කුරුල්ලෝ එකට එකතු වෙති.
Bamunuarachchi Tuesday, 30 January 2024 10:12 PM
නැහැ නැහැ කපුටාගේ කුඩුවේ කොහාත් බිත්තර දානවා... හැබැයි පැටියා එළියට ආවාම පයින් ගහලා එළියට දානවා. මේ ගොයියාටත් එහෙම වෙනවා ෂුවර්...!