
(අංජුල මහික වීරරත්න)
ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටුණු ආර්ථිකයක් සහිත යුගයකට යළිත් රට ගෙනයාමට නොහැකි බවත් දුෂ්කර වුවද වත්මන් මාර්ගයේ ඉදිරියට යාමෙන් රටේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරගත හැකි යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වැරදි ආර්ථික තීන්දු ගැනීමෙන් සිදුවන්නේ රුපියල නැවත අවප්‍රමාණය වීම බව කී ජනාධිපතිවරයා ඇතැමුන් පවසන ආකාරයේ ජනප්‍රිය තීන්දු ගෙන රටේ අනාගතය අඳුරු කිරීමට තමන් සූදානම් නොමැති බව අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද (3) පැවැත්වුණ “ශිල්ප අභිමානී 2023” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල අමතමිනි.
අසීරුතා හමුවේ ද ජනතාවට හැකි සෑම සහනයක්ම ලබාදීමට ඉදිරියේද කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා මෙරට හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය විදේශ විනිමය උපයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට අවශ්‍ය සියලු සහය ලබාදීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය.
සාම්ප්‍රදායික හා සංස්කෘතික වටිනාකමක් ඇති හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර සංරක්ෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම, හස්ත කර්මාන්ත ශිල්පීන් සමාජීය වශයෙන් ඇගැයීමට ලක් කිරීම හා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව මඟින් වාර්ෂිකව “ශිල්ප අභිමානී” ජාතික හස්ත කර්මාන්ත තරගය සහ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.
මෙවර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශයේ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීම මත “ශිල්ප අභිමානී” 2023 ජාතික හස්ත කර්මාන්ත තරගය පැවැත්විණි.
මූලික හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර 31ක් යටතේ අනු ක්ෂේත්‍ර 66ක් නියෝජනය කරමින් මෙම තරගය සංවිධානය කර තිබු අතර ඒ සඳහා ලැබුණ නිර්මාණ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත සුදුසුකම් ලත් විනිශ්චය මණ්ඩලයක් මඟින් තෝරා ගනු ලැබිණි. මෙම ජයග්‍රාහකයන් ස්වර්ණ සහ රජත සම්මානවලින් පිදුම් ලැබීම මෙන්ම ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන වෙත කුසලතා සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අනාගතයක් නෑ. ඒක නිසා කලබල වෙන්න එපා.
හලෝ රනිල්, මේ රටේ ආර්ථිකය විනාෂකරපු , මහා බැංකුව කඩපු තමන් රාජපක්ෂ කියන හොර රංචුව ආරක්ෂා කරමින් මේ කරන බොරුව කවදාහරි පුපුරනවා,එදාට තමුසෙව මිනිස්සු මහපාරේම සම්බෝල හදනවා. එදාට තමුසෙව බේරාගන්න අමෙරිකාවවත් තමුසෙගෙ පරම්පරා නිජබිමවන ඉන්දියාවවත් ,එංගලන්තයවත් එන්නේ නැහැ.උන්ට තමුසෙලවා කරගන්න ඕන දේවල් ටික කරගත්තාට පස්සේ මෝඩයාව අතහරිනවා.ලැහැස්තිවෙලා ඉන්නවා ..මදි නොකියන්න ගුටි කන්න.
රටේ ජනතාවත් ගත්තේ ජනප්‍රිය තීන්දුවක් ඔබව ගෙදර අරින්න . එත් මුළු රටෙන්ම අතලොස්සක මෝඩ තීන්දුව නිසා ඔබ , ඔබේ අර්යයාව සහ ගාල්ලේ ගවයා සමග රට පාලනය කරනවා ...!!!
අනේ පලයන් යන්න .සල්ලි වලින් සැප විඳලා හොරා කාලා එනවා අපිට කියවන්න
1. දුම්රියෙන් භාන්ඩ ප්‍රවාහනය තරන්න 2. හොර පාරෙන් ගෙනෙන ජංගම දුරකථන ජාල වලට සම්බන්ද වීම තහනම් කරන්න 3. ජපානයෙන් අවුරැදු දහවට වඩා පරණ වාහන පස් ගුනයක් බදු අයතර ආනයනයට ඉඩ දෙන්න 4. පෞද්ගලික බස් සේවය සැපයීම අවුරැද්දක් පාසා ටෙන්ඩර් පටිපාටියකින් එක සමාගමකට ලබා දෙන්න
රට ගොඩනැගීම කෙසේවෙතත් ඉදිරි මැතිවරණයකින් ඔබ ගෙදර යවන එකනම් ස්ථිරයි.
ඔබ කර තිබෙන්නේ ජරාපක්ශේ සහ යහපාලන හොරුන්ගේ මහාපරිමාණ වංචා වල බර කිසිඳු හිතක් පපුවක් නැතිව ජනතාව මත පැටවීම පමණයි.ජනප්‍රියත්වය ඉදිරි මැතිවරණ වලදී බලාගමු
මේ තිරිසන් පාලකන්ට ජනතාව කෙතරම් දුක් වින්දත් බදු ගහන එකයි, ලාබ ලබන රාජ්‍ය ආයතන විකුනන් කන එකයි ඇරෙන්න රාජ්‍ය ආදයම වැඩි කරන්න කිසිම වැඩ පිලිවෙලක් නෑ, මේ රටේ මිනිසුන් තමන්ගේ දරුවන්ට හරි හමන් කෑම වෙලක් දීගන්න, ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න, පාසල් යන දරුවට පොත් ටික, ඇදුම් පැලදුම් ටික ගන්න බැරිව කෙතරම් දුක් විදිනවද, ඒත් මේ අමන පාලකයන් හැමදාම හිතුවේ බලය රැකගන්න එක විතරයි. රටක් දියුනු කරන්න බදු ආදයම විතරක් මදි, රටට අලුත් විදේශ ආයෝජන ගේන්න කිසිම වැඩ පිලිවෙලක් නෑ ඒවගෙම රටේ අපනයන දිරිමත් කරන්නවත් කිසිම දෙයක් නොකර බදු ගහන එක විතරක් කරන මිලේච්ච ආන්ඩුවක්. මේ දේශපාලුවන් බොහොමයක් වැඩිවියට පත්වෙනකම් දෙමව්පියන්ගෙන් යැපිල, ඉන් පස්සේ දේශපාලනයෙන් ලැබෙන වරප්‍රසාද සහ අමතර ප්‍රතිලාබ මත යැපෙන හිගන රැලක්, මහ පොලවෙ යතාර්තය ගැන කිසිම අවබෝධයක් නෑ, මිනිසුන් ජීවත වෙන්න කරන කැපකිරීම් ගැන කිසිම හැගීමක් වත් නැති මෙවන් අමනයන්ගෙන් මීට වැඩිය දෙයක් මේ රටේ මිනිසුන්ට බලා පොරොත්තු වෙන්න බෑ.
ඉතිරිවෙලා තියෙන කම්පැනි කීපයත් වැහෙනකන්ම, ඉතිරිවෙලා ඉන්න අන්තිම වුර්තිකයත් යනකන්ම තව ටැක්ස් ගහපල්ලා, විදුලිබිල් වැඩි කරපල්ල, ණය ගනිල්ලා, ඒ සල්ලිවලින් රාජ්ය සේවක පින් බතාලා සහ පාර්ලිමේන්තු පින්ගොන්නු නඩත්තු කරපල්ලා. එලකිරි ඔහොම යං. රටේ මුලු රාජ්ය බදු ආදායමම මදි පින්බතාලගේ පඩි වලින් බාගයක්වත් ගෙවල ඉවර කරන්න, රටේ දියුනුවට කානුවක්වත් හදන්නේ නැතිව. ඉතිරි බාගෙ ගෙවන්නෙ තව තව ණය අරන් සහ සල්ලි අච්චු ගහලා. හැමදාම මුන් කරේ ඒ විදියට චන්ද බලාගෙන පින් බතාල සන්වර්දනය කරපු එක. මුන් දේසපාලනය ලාභ ලබන වියාපාරයක් කරගන්නෙ මින්සුන්ගේ දුප්පත්කම විකුනලා. රෑ දවල් දෙකේ දුක් මහන්සි වෙලා වැඩ කරන ප්‍රයිවෙට් සෙක්ටර් එකේ මිනිහගෙ පඩියෙන් බාගයක් විතර ටැක්ස් කපලා ඒ සල්ලි වලින් රාජ්ය සේවක පින්බතෙකුට පඩි ගෙවනවා කියන එක තරම් රටට සාපයක් තවත් නෑ. රටට හම්බ කරල දෙන්න ඉන්න එකම ප්‍රයිවෙට් සෙක්ටර් එක වැහිල ගිහිල්ලා ලගදිම පිනාල ටික විතරක් ඉතිරි උනාම අපි මේකට පින්ලන්තෙ කියල නම තියමු. එලම එලකිරි
හොරු ඇල්ලුවාද ?
බරි කම ගැන කියවා කියවා හැමඩාම නාහෙන් අන්ඩන්නෙ නැතුව පුලුවන් එකෙකුට කරන්න දීලා යනවා හලෝ, අපි තමුන්ට රට භාර දුන්නෙ නැති බව මතක තියා ගන්නවා.
මූට පිස්සු
IMF එක පස්සේ ගිහින් තවත් රට විනාශ කරමු.
ගෙදර ගෑණිවත් කියලා දෙන්නේ නැද්ද මන්දා මෙයාට රටේ තියෙන අකැමැත්ත. කිසිම දැක්මක් නැති දුර්වලකමක්...
කවුරු කරන්නත් මේ යකා දාලා යන්න ඕනෑනේ. මෙයා බහිරවයා වගේ මේක බදාගෙන නාහෙන් අඬනවා, ඔයා හිතනවා නම් රනිල්ට විතරයි කරන්න පුළුවන් කියලා, එහෙම නැත්නම් රනිල් තමයි හොඳටම කරන්නේ කියලා කරුණාකරලා මනෝ වෛද්‍යවරයෙක් හමුවෙන්න. රනිල් කියන්නේ රටක් කරන්න නොවෙයි, ඡන්දයක් දිනාගන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. ගේමක් ගහලා අවස්ථාවාදී ලෙස ජනාධිපති පුටුවට පැනගත්තා ඇරෙන්න පුළුවන් නම් ඡන්දයක් තියලා බලයට එන්න කියන්න බලන්න...
ඇත්තටම ඔබ කළයුතුව තිබුණේ මේ තීන්දු කිසිවක් නොගෙන ගෙඩිය පිටින් ඊළඟ පාලකයාට දීලා බලා සිටීමයි. අනුර හරි, සජිත් හරි රටගොඩගන්න හැටි අපිට බලන්න තිබුණා...