(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට පමණක් රට සංවර්ධනය කල නොහැකි යැයිද ඒ සඳහා ජනතාවගේ සහයෝගයද ලැබිය යුතු යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
රාජ්‍ය අරමුදල් නොමැතිව දානපති ආධාර යටතේ ජනතා සුභසාධක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගැසීම අද "ස්ටයිල් එකක් "බවට පත්ව ඇති බව කී අමාත්‍යවරයා 3% කුහකයන් දේශපාලන කුහකත්වය නිසා මෙලෙස මඩ ගසන බව සඳහන් කළේය.
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසැල් අටකට රුපියල් කෝටියක ප්‍රතිපාදන ලබා දීමේ අවස්ථාවලට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
මෙම රුපියල් කෝටියක ආධාර මුදල මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් අටකට ලබා දී තිබුනේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී නවුෆර් ෆවුසි මහතා සහභාගීත්වය දරණ සහිඩා පදනමයි.
මිනුවන්ගොඩ ගල්ඔලුව විද්‍යාලය, හොරම්පල්ල සීලවිමල විද්‍යාලය, මිනුවන්ගොඩ කොරස රණසිංහ මහා විද්‍යාලය , නැදගමුව කණිෂ්ඨ විද්‍යාලය, ඕපාත ශ්‍රී ගුණානන්ද ප්‍රාථමික විදුහල, උඩුගම්පොළ රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය, උඩුගම්පල ප්‍රාථමික විද්‍යාලය හා නිල්පනාගොඩ අල් අමාස් විද්‍යාලයට මෙම පදනම මගින් රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග කල අතර ඊට අදාල ඉල්ලීම එම පදනමට කර තිබුනේ ඇමති ප්‍රසන්න රණතුංග මහතායි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා කන්නේ නැත්නම් ජනාධිපතියි, ආණ්ඩුවයි නැතුව වුණත් රට හදන්න පුළුවන්...
පොහොට්ටුව රජය බංකොලොත් වුණේ ජනතාවගේ සහයෝගයෙන් ද?
මට එක්වරම ජේ.ආර් ගැන මතක් වුණා... එතුමා කිව්වේත් එතුමාට පමණක් රට හදන්න බැහැ කියලා තමයි. ඇත්තටම ජාතික ධනය කෝටි ගණනක් වියදම් කරලා මැතිවරණ පවත්වා 225 ක් තෝරා ගන්නවා. ඊළඟට එවැනිම වියදමින් ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා. එලෙසින්ම පළාත් සභා හා පළාත් පාලන ආයතන මැතිවරණ සඳහා වියදම් කරනවා. මෙහෙම පත්කරන නියෝජිතයින් කොටසක් රජය ගෙනයද්දී කොටසක් කඩාකප්පල් වැඩ උපරිමයෙන් කරනවා. ඒ අතරේ නිලධාරි පැලැන්තිය විවිධාකාරයෙන් වංචා හා දූෂණ කරද්දී එන්ජීඕ කාක්කෝ රටේ සාරය උරා බොනවා... ඉතින් ජනාධිපතිට පමණක් රට හදන්න බැහැ තමයි... මේනිසා ජනාධිපතිවරණය වේවා මහාමැතිවරණය වේවා ජයග්‍රහණය කරන පිරිසගේ ප්‍රතිපත්ති ජනතාව අනුමත කළා සේ සලකා පත්වෙන කුමන රජයකට හෝ නියමිත කාලය පාලනය ගෙනයාමට නොදෙනවා නම් එම පිරිස්වලට දඬුවම් දීමට නීති සැකසීම කරන්න ඕන නිදහස ලබා අවුරුදු 76 ක් ගතවෙලා වුණත් රටේ සංවර්ධනය කරන්න බැරිවුනේ... එහෙම කඩාකප්පල් ක්‍රියාවන් නිසා කියලා පේනවා.
ජවිපය දන්නේ සමාජ මාධ්‍යය හරහා වුණාට විරුද්ධ අයට මඩ ගසන්නටයි. එහි පහරන්නටයි. එත් බැරි නම් තුවක්කුවෙන් වැඩේ දෙන්නටයි. ගෙවල් ගිනි තියන්නටයි. රණතුංග පරම්පරාව ද දන්නා එකම දේ බලහත්කාරය, චණ්ඩිකම පමණක් වුවත්, ජවිපෙ ම්ලේච්ඡත්වය ඉදිරියේ ප්‍රසන්න රණතුංග ඇතුළු ඔවුන් පරාදයි...!
ජනතාව. අවුරුදු ගාණක් හොරා කන්න ඡන්දෙ දුන්නා... ඔබලා ජනතාවට ගොනාට අන්දලා හොරා කාලා මිනීමරලා රට බන්කොලොත් කෙරුවා මේදා සැරේ. ඔබලා සේරම ගෙදර. ඔයාලා රනිල්ගේ නැට්ටෙ එල්ලිලා එන්න හදනවා... සැප ගන්න ඔබලාගේ පාර්ලිමෙන්තුවේ පරණ තැටි අරගෙන බලන්න. කොහොමද රනිල් හොරා කියලා හන්වඩු ගහපු හැටි සේරම හොරු.
ඇයි දෙගොල්ලන්ටම රට වනසන්න නම් හොඳ හැටි පුළුවන් .එය ඔප්පු කර හමාරයි .වරෙල්ලකෝ චන්දෙට
මේ වගේ අය පාර්ලිමේතුවේ ඉන්නකම් රට හදන්න බැහැ
ඔබ ගැන කුමක් කිව හැකිද ?
මැක්ස් ටිකක් මිනිමම් විදිහට හිතන්නේ
ඔබලා වගේ ඇමැතිලා අයින් වුණා නම් මේ රට ගොඩදාන්න පුළුවන්...!
දූෂිත දේශපාලුවෝ මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ, නාස්තිය නොකෙරුවා නම් රට හදන්ඩ තිබුණා...