ශ්රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී අද (29) පැවැත්විණි.
මෙහිදී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමිපාණන් වහන්සේ වෙත සම්මාන පණ්ඩිත උපාධිය ජනාධිපතිවරයා අතින් පිරිනැමුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ‘විබුධ ජන ප්‍රසාදක’ සම්මාන උපාධිය පිරිනැමිණි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ‘විද්වත් ජන ප්‍රසාදක’ සම්මාන උපාධිය පිරිනැමිණි.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා ඔය සම්මානවල නිර්නායකයන් මොනවද කියල...? හරියට මේකත් අර කැළණිය පැත්තේ ලැබුණු ආචාර්යය පට්ටම වගේද කියල හිතෙනවා .
අබුද්දස්ස කාලේ ....
ජන අප්‍රසාදයට ලක්වෙලා ඉන්න කොටසකට මොන ජනප්‍රසාදයක්ද ?
ලංකාවේ ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් යන්න ලකුණු මදි ළමයි රස්සාවකට යනකොට අධ්‍යාපන සුදුසුකම්, හදාරලා තියෙන පාඨමාලා, මේ ඔක්කොම හොයන රටේ බෝම්බ පුපුරලා මිනිස්සු මැරෙනකොට 'මම දන්නේ නැහැ' කියල ඇග බේරගන්න අයටයි දරුවන්ගේ අධ්‍යාපනේ විකෘති කරපු තමන්ගේ පුද්ගලික මත අච්චු පොත්වලට දාල පාසලත් දේශපාලනීකරණය කරපු පසුගිය අවුරුදු 4ට රට අගාධයට මෙහෙයවපු අයට ගෞරව සම්මාන දෙනවා. මෙහෙම රටක ඉන්න හිතෙනවද?
වැරදීමක් ...!!! අකිල කාරියවසම් මහතාට පිරිනැමුණේ ‘විද්වත් ජන ප්‍රසාදක’ සම්මානය නොව එය " ටැබ් ප්‍රසාදිනී " ලෙස නිවැරදි විය යුතුය.
අර පට්ටම්ද මේ පට්ටම්ද ලැබුනත් අප සැමට..// සිත්තුල තිබෙන පට්ටම් නම් අටපට්ටම් ය..// ඇත්තටම අපි සුදුසුද නැද්ද දන්නෝ නොදන්නේද ..//
ජන ප්‍රසාදක සම්මාන නම් එමටයි. නමුත් මහජන චන්ද වලට බයයි.
ඔන්න ආය 10 සමත් ග්‍රාමසේවක කියන්න එපා . දැන් උපාධිධාරී ග්‍රාමසේවක
මුරුංගා අත්තේ තව කොච්චර කාලයකටද ?
ජන අප්‍රසාදය = ජ (න්අ) (අ) ප්‍රසාදය... වචන දෙක සන්ධි කරද්දී එ්ක යන්නක් ලොප් කළාම ජනප්‍රසාදය. ඇත්තටම සම්මාන දීලා තියෙන්නේ වැඩිම අප්‍රසාදයක් ඇති අය තෝරලා...
ඉස්කෝල පොත්වලට දාපු මුහුණ ඔයිට වැඩියෙන් තෙල් බේරිච්ච ගතියක් තිබුණා නේද?
කොහේ තියෙන සම්මානද මේවා...? මම නම් ඇහුවෙත් අද තමා
ජනපතිතුමා නැවත ජනාධිපතිකමට ඉල්ලන්නේ නැත්නම් හැමෝම එක එක ගොඩනැගිලි හදලා තමන්ගේ නම දාගන්න එකේ. යන්න කලින් ලංකාව ඉස්සරහින් තියෙන "ශ්‍රී" කැල්ල අයින් කරලා සිරි ලංකාවක් කරලා යන්න.
ජනප්‍රසාදය බලාගන්න හාමුදුරුවනේ වඩින්නකෝ පොඩ්ඩකට මේ පැත්තට...
ජනාධිපතිවරණයට එජාපයෙන් එන තරුණ නායකයා අකිල කියනවා නේද? හොඳ විශ්වාසවන්ත සුවච, කීකරු පාක්ෂිකයෙක් නිසා ඒ කතාවේ අැත්තක් තියෙනවා කියලා මටත් හිතෙනවා.
අධ්‍යාපනය විනාශ කිර්‍රිම හා පාසැල් පද්දතිය කඩා වැට්ටවීම නිසාද මේ සම්මානය. ගුරුවරු හා සියලු අධ්‍යාපන වෘත්තිකයන් මේ නිසි අත්දැකීමක් නොමැති නිල් ඇස් ලමයා නිසා අසරන වී ඇති බව පමනක් සදහන් කල හැකිය.
තමන් ඒ ක්ලොක් එකට සුදුසු නැති බව දන්නා බව ලොකු දෙයක්...