
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සදහාවූ යෝජනා සම්මතය හෙට (2) අනිද්දා (3) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
එසේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදීඅද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව බවද නියෝජ්‍ය මහලේකම්වරයා ප්‍රකාශ කළේය
මේ අනුව විවාදය හෙට (2) අඟහරුවාදා උදේ 9.30ට ආරම්භ වී සවස 5.00 දක්වා පැවැත්වේ.
යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අනිද්දා (3) පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා ණය හිමියන්ගේ කමිටුව (OCC) අතර 2024.06.26 දින එළඹෙන ලද අවසන් ගිවිසුම සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ චීන අපනයන හා ආනයන බැංකුව (EXIM Bank) අතර 2024.06.26 දින එළඹෙන ලද අවසන් ණය ගිවිසුම් සංශෝධන කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය අවසරය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාට ලබාදීමේ අරමුණින් මෙම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
2025 දෙසැම්බර් මස 18
551
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිගෙන් හෙට මැතිසබයට ප්‍රකාශයක්
ගැමිය Monday, 01 July 2024 04:33 PM
බල්ලෝ ලෑස්තිවෙලා ඉන්නවා මෙයා කියන ඒවාට බුරන්න..!
අරවින්ද මොනරවිල Monday, 01 July 2024 09:15 PM
ඒ අස්සේ තප්පුලනවා !
ජගත් ලියනගේ Monday, 01 July 2024 05:08 PM
එයා ප්‍රකාශ නිකුත් කරකර ඉන්නවා. අපි මේ එදා වේල හොයා ගන්නේ කොහොමද කියලා ලතවෙනවා.
Rata Perata Monday, 01 July 2024 08:02 PM
එහෙනම් ඉතින් හෙට වෙනදාට වඩා කාලකන්නි දවසක් වෙනවා විතරයි