
(අංජුල මහික වීරරත්න)
ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කර ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් ආණ්ඩුකාරවරුන් මැදිහත් වී කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පළාත් ආණ්ඩුකාරවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට ගත යුතු පියවර මෙන්ම උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන කාර්යක්ෂම කිරීම පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ග්‍රාම නිලධාරීන්ට අමතරව තවත් කණ්ඩායමක් වෙතද බලය පවරා ජංගම සේවා ක්‍රියාත්මක කිරිමේ හැකියාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනතාව මේ කෙරෙහි උනන්දු කරවමින් එම ප්‍රතිලාභය ඔවුන් වෙත ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරී ඇති වගකීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ තියෙන හදිස්සිය.වැඩිපුර කෝටි 175 ක් වෙන් කරගත්තේ, අපිට කොරන්න වෙන්න ඇති. ඔය වෙට්ට පිත්තල වැඩ වලට අහුවෙන මිනිස්සු අඩුයි.
ජාතික ජන බල වේගයට තියන බය.
හරියටම වැඩේ කෙරෙන්නනම්, ජනපතිට උඩින් තවත් තනතුරක් හදල (ඉරානයේ වගේ) ඒකට "කුකුල් චමින්දව" පත්කරන්න ඕන...!!!
රනිල්ගේ වෙට්ට පිත්තල වැඩවලට අහුවෙන කට්ටිය අඩුවුණාට අනිත් අයගේ වෙට්ට පිත්තල කථාවල රැවටෙන අය අම්බානක ඉන්නවනේ...
අම්මෝ, ජනතාවගේ සුබසාධනය උදෙසාම වැඩකරන්න ඉපදිච්ච බොරුකාරයෙක්
මතකද ගිය වතාවේ ජාතික ආරක්ෂාව තරකිරීම වෙනුවෙන් අනාගත්ත රජාට රැවටුන අන්දම... අඩු තරමේ මේ කියන කරන දේවල් අපිට පෙනෙනව විවේචනය කරන්න හරි.
ඔයිට වඩා හොඳ නැද්ද මහ බැන්කුව හොරා කාලා පැනපු අර්ජුන ඇලෝෂියස්ව ගෙන්වන එක...