
(ඩයනා උදයංගනී)
මුහුණ පා සිටින ආර්ථිකමය, සමාජීය සහ දේශපාලනික අභියෝග මැඬලීම උදෙසා ශ්‍රී ලාංකිකයින් එකා මෙන් එක් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
මහජනතාවගේ පීඩනය විනාශකාරී මානයන්ට යොමු කිරීමට ඇතැම් කණ්ඩායම් දරනා උත්සාහයන් ව්‍යර්ථ කිරීමට එක් වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද එහි දැක්වේ.
ජනාධිපතිවරයා නිකුත් කර ඇති ට්විටර් පණිවුඩය මෙසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විනාශකාරී සහ ප්‍රචන්ධත්වයට ඇතැම් කණ්ඩායම් නොවේ, ඔයාගේ සහෝදරයා සියලු සැලසුම් කලේ. බන්ධනාගාරවල සිරකරුවන්වත් ගෙනල්ල. තවදුරත් ජනතාව රවට්ටන්න බැහැ.
රටේ 95% ක්ම එක් අරමුණකට පැමිණ ඇති නමුත්, ඔබ, අගමැතිකමෙන් අකමැත්තෙන් ඉවත් වූ ඔබගේ සහෝදරයා සහ ඔබගේ නෑදෑ, මිතුරු, වංචනික මැරයින් වන 5% කටත් අඩු පිරිසකට පමණි... එම අරමුණ කඩාකප්පල් කිරීමට අවශ්‍ය වී ඇත්තේ.
ඔයත් ගියා නම් ප්‍රශ්න ඔක්කෝම ඉවරයි... මුළු ලංකාවම ගොඩ...
ගැසට් ඉවරයි දැන් ට්විටර් එවනවා.. පහළ ඉන්න ජනතාවට ඕකෙන් වැඩක් නැහැ. අයියෝ නන්දසේන ඇදගෙන නාන්නේ නැතුව වහාම ඉල්ලා අස්වෙන්න..
මෙතුමා කියන දේවල් රටේ වෙන කවුරුවත් අහන්නේ නැහැ දැන්.., මම විතරයි අහන්නේ...!
මෙයාලම ගහලා මෙයාලම කියවනවා සාමකාමී වෙන්න කියලා...
ඔව්, ඒක තමයි අපිත් කියන්නේ... ඔයා යන්න රට විනාශ නොකර... එච්චරයි..!
මොලේ හිරි වැටිලා වත්ද? තවම තේරෙන්නේ නැද්ද මිනිසුන් කියන්නේ මොකක්ද කියලා.. ඔබලා අතින් සිදුවූ වැරැදි වලට.. සියලු පුරවැසියන් වන්දි ගෙවමින් සිටින බැවින් දැන්වත් මහජන මතයට ඉඩදෙන්න.
රටම වලපල්ලට ඇදලාදාපු දූෂිත රාජපක්ෂලාට ශිෂ්ඨ සම්පන්න රටවල ජීවත්වෙන ලාංකිකයින් පවා එක හෙළාම කියන්නේ ඉවත්වෙන ලෙසයි.