(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රචණ්ඩකාරී ක්‍රියා පක්ෂ පාට නොබලා දැඩිව හෙළා දකින බවත්,ප්‍රචණ්ඩත්වය වත්මන් අර්බුදයට විසඳුම නොවන බවත් ප්‍රචණ්ඩත්වයෙන් වැලකෙමින් සාමකාමීව සිටින ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් මෙම අර්බුදය විසඳීමට එක්ව කටයුතු කරන ලෙසත් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනපතිගෙන් ටිවිටර් පණිවිඩයක්
සමිත සේනක අලුත්ගමගේ. Monday, 09 May 2022 03:34 PM
අයියලා, මල්ලිලා එකතුවෙලා වැඩේ කරලා දැන් නිකං සුදනලා වෙන්න නිවේදන නිකුත් කරනවා. රාජපක්ෂලා මේ සුන්දර රට කෑවා. දැන් හෝ ජනතා මතයට ඉඩදී ඉවත්ව යන්න...!
සුදු පුතා Monday, 09 May 2022 03:35 PM
අනේ යන්න. කරන ඔක්කොම කරලා දැන් එනවා මෙතන සුදනා වෙන්න...
balan Monday, 09 May 2022 03:39 PM
ඕක ගිහිල්ල අහන්න ඔයාගේ මහලොකු අයියගෙන්...
Dharmatileke Monday, 09 May 2022 03:41 PM
සර්ගේ අයියගෙන් අහන්න කොහෙන්ද ඔය ගැහැණු, පිරිමි කට්ටිය හොයාගත්තේ කියලා..
ලක්සිරි පැරිස් Monday, 09 May 2022 03:44 PM
මාර කතාවක් කියන්නේ... අපි බබාලා කියලා හිතලද?
Sk Monday, 09 May 2022 03:53 PM
මේවා කියන්න ඕනේ අපිට නෙමෙයි. ප්‍රචණ්ඩත්වය පෙන්නපු තමන්ගේ අයියගේ ආධාරකරුවන්ට...
ranjith Monday, 09 May 2022 03:57 PM
මොනරා පිල්විදහා නටනකොට තමයි නිරුවත පේන්නේ.. ඒ වගේ දෙයක් තමයි අද වුණේ. උගත් දරුවන්ගේ අරගලයට චණ්ඩි එවා මෙවන් අපරාධයක් කළ හැකිද?
පිටරැටියා Monday, 09 May 2022 05:08 PM
මුළු ලෝකෙම ජීවත්වෙන ලාංකිකයින් එක හෙළාම කියන්නේ ජනතාව මහපාරට ඇදලා දාපු දූෂිත, බලලෝභී පවුල් පාලනේ අයට යන්න කියලා. රට විනාශ වෙන තැනට වැඩ කෙරුවේ නරුම රාජපක්ෂලා...
siri Monday, 09 May 2022 05:34 PM
ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වුණු කට්ටිය ගෙන්නුවේ කවුද කියලා හොයලා බලලාම ඔය ප්‍රකාශය කළා නම් ඔයිට වැඩිය හොඳයි. චරපුරුෂයින්ගෙන් ඇහුවා නම් කවුද ඒ වැඩේ සංවිධානය කළේ? කවුද මුදල් වියදම් කලේ, කවුද අහිංසක මිනිසුන්ට තැලුවේ කියලා හොඳට කියලා දෙයි. වැඩිය ඕනෑ නැහැ.. ඕනෑම නම් බේරේවැවේ ජල ක්‍රීඩා කරන කට්ටිය එකතු කර ගත්තොත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්.
fairoos Monday, 09 May 2022 06:03 PM
කාටද කියන්නේ...? මයිනාගේ ගෝලයින්ට කියන්න.
Jagath Monday, 09 May 2022 07:18 PM
ම්ලේච්ඡ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වුණේ ඔයාගේ අයියා. ඒකනිසා වචන පරිස්සමෙන් පාවිච්චි කරන්න.