
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව ආයෝජන අවස්ථා පවතින හෙයින් එම ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා ජර්මානු ආයෝජකයින්ට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ දී පැවසීය.
ජනාධිපතිවරයා අද (13) පෙරවරුවේ බර්ලින්හි වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේ දී සංචාරක සහ චාරිකා කර්මාන්ත සංගම් (Tourism and Travel Industry Associations) සහ බැහැර චාරිකා මෙහෙයවන්නන් (Outbound Travel/Tour Operators) සමඟ හමුවකට සහභාගී වෙමින් මේ බව කීය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසරභාවය වෙනුවෙන් රජය ගෙන ඇති සාධනීය පියවර පිළිබඳව මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා සංචාරක පහසුකම් වැඩි කිරීම, ප්‍රවර්ධන වැඩපිළිවෙළ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පෙන්වා දුන්නේය.
තිරසාර සංචාරක ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇති බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
සංචාරක කර්මාන්තයේ මානව සම්පත සංවර්ධනය කිරීම, සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම, සංස්කෘතික හා පාරිසරික සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය, පරිසරය ආරක්ෂා කර ගැනීම ආදි කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවට මේ වන විට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන රටවල් අතර ජර්මනිය 04 වන ස්ථානයේ පසු වෙයි. 2024 වර්ෂයේ ජර්මානු සංචාරකයන් 136,000ක් මෙරටට පැමිණ ඇති අතර මෙම වසරේ මැයි දක්වා කාලය තුළ එරට සංචාරකයන් 69,000ක් මෙහි සංචාරය කර තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපතිගෙන් ජර්මන් ආයෝජකයන්ට ඇරැයුම්
Perera Friday, 13 June 2025 11:51 PM
ලංකාවේ ගමේ කොල්ලා ගැන පුදුම ආඩම්බරයක්, සතුටක් දැනෙන්නේ...