IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපතිගෙන් චීන ව්‍යාපාරිකයන්ට ආරාධනයක්

(අංජුල මහික වීරරත්න)

තරඟකාරී හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රි ලංකාව ක්‍රමිකව ඉදිරියට යමින් සිටින බැවින් අනාගත ව්‍යාපාරික අවස්ථා සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේය.

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බීජිං නුවර ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ පැවති ආයෝජන, වෙළෙඳ සහ සංචාරක සැසියකට සහභාගී වූ අතර එහිදී එම ආරාධනය කළේය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ සහ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන චීන ව්‍යාපාරික සමාගම් රැසක නියෝජිතයෝද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී චීන ව්‍යාපාරිකයන් ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටිම නිසා ආසියා කලාපයට බටහිර වෙළෙඳ පොළ ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව උපයෝගී කර ගැනීමේ විශේෂ අවකාශයක් පවතින බවයි.



අදහස් (2)

ජනපතිගෙන් චීන ව්‍යාපාරිකයන්ට ආරාධනයක්

wedage Tuesday, 17 October 2023 03:35 PM

කොන්ඩේ බැඳපු චීන්නුන්ට තමයි ඕවා කියන්න ඕනේ... මේ අගාධයට වැටිලා ඉන්න රටේ කරන්න දෙයක් නැති විත්තිය...

:       1       0

Keerthi Tuesday, 17 October 2023 07:37 PM

මොන රටේ හරි කමක් නැහැ.සල්ලි යොදවලා දියුණුව ඇති කරන්න පුලුවන් නම් ඒ මිනිස්සුන්ව ආරක්‍ෂා කර ගෙන හොරා කන්නේ නැතුව ජනතාවට සහනයක් ලැබෙනවනම් ඉතා හොඳයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site