
(අංජුල මහික වීරරත්න)
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ලබා දුන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
අතීත ප්‍රාදේශීය සභා හා නගර සභා යනු දූෂිත දේශපාලනයේ පෙර පාසල් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
කෝට්ටේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
"පාර්ලිමේන්තුවට පත් වී සිටින අපේ 159 දෙනාම පවුල් බලයෙන් සල්ලි බලයෙන් පත් වුණ අය නෙවෙයි. ඔබ වගේම සාමාන්‍ය මිනිස්සු. ඔබ අතර ඉන්න මිනිස්සු. ඉස්සර වගේ පාර්ලිමේන්තුවේ කෑ ගහන්නෙ ගහගන්නේ නෑ. පාර්ලිමේන්තුව බලන්න පාසල් දරුවන් පැමිණි විට ළමයින් ඉවත් කරන්න කියා කතානායකට කියන්න අවශ්‍ය වෙන්නේ නෑ . ඒ තරම් විනීතව, නීතිගරුකව හා දේශපාලන පරිණත භාවයකින් යුක්තව අපේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හැසිරෙනවා යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
COMMENTS
"අතීතයේ ප්‍රාදේශීය සභා නගර සභා යනු දූෂිත දේශපාලනයේ පෙර පාසැල්" ඒක තමයි සත්‍ය !
කතා විතරයි, වෙන කිසිවක් නැහැ. රෙද්ද ඇතුලේ තියෙන හැම දෙයක්ම කාන්දු වෙනවා. පාතාලය දැන් උච්චතම අවස්ථාවට ඇවිත්, හැමදාම කෙනෙක් මැරෙනවා. දේශපාලනඥයින්, විනිසුරුවන්, පොලිසිය වගේම හැම දේශපාලන පක්ෂයකම වහලුන්, හැම ජාතියකම පූජකයින් එක්ක තනිව වගකිව යුතුයි. හැම දේකටම කෑදර බලයක් තියෙනවා, සාමාන්‍ය තත්ත්වය ගෙන ඒමට කිසිවක් කරලා නැහැ. අනුර පාලනය පෙර පාලනය වගේම නිෂ්ඵලයි.
වියදම් කරලා පෙන්නන්න කියලා අභියෝග දුන්නාම පොඩි දේටත් කොන්ත්‍රාත්කාරයින්ට කෝටි ගණන් ගෙවලා මහජන මුදල් මංකොල්ලකන්න ඉඩ සලස්වයි! ඕක මෝඩ රනිල්ගේ මොන්ගල් ක්‍රමයමයිනේ! එතකොට නිෂ්පාදන ආර්ථිකයක් හැදෙයිද? හොර කොන්ත්‍රාත් කාරයෝයි නිලධාරී පැලැන්තියයි ගොඩයයිද? එහෙම නෙවෙයි අතේ තියෙන සීමිත මුදල් වලින් නිෂ්පාදන ආර්ථිකයක් හදාරන්න ඉලක්ක දීලා ඒවාට ජනතාව සහභාගී කරවාගන්න...
සමාජ සංවර්ධනයට දායක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍යයි. ඒ සඳහා වත්මන් රජයට ජනතාව 2/3 කට වඩා ජනවරමක් ලබාදී ඇත. කල් නොයවා එය ක්‍රියාත්මක කිරීම ජනතා ප්‍රාර්ථනයයි...
සෑර් අර මහජන මුදල් කෝටි ගානක් වියදම් කරලා රිලව් ගණන් කළානේ... එකෙන් මොකක්ද ලැබුණු ප්‍රතිලාභය... දැන් මේ රටේ රිලව් ප්‍රස්නේ ඉවරෙට ඉවරද?
තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ජවිපෙ පත්කරලා සිද්ධ වෙච්චි ප්‍රගතිය ඔබතුමිය දන්නේ නැතුව ඇති. රටේම ප්‍රාදේශීය සභාවලට මාලිගාවෙන් පත් කළා කියලා වැඩක් වෙන්නේ නෑ... මහ ආණ්ඩුවෙ ඉන්න ජවිපෙ මාලිමාවේ කෙරුමන්ටත් මේ මාස හයට කරන්න පුළුවන් වුණේ මොනවද? අගමැති තුමිය, පොඩ්ඩක් බලන්න ආපස්සට හැරිලා ප්‍රගතිය සතුටු වෙන්න පුළුවන් ද කියලා. ස්වයං විවේචනයක් නැත්නම් මාලිමා ආණ්ඩුවටත් වෙන්නෙ කළින් ආණ්ඩු වගේම ජනතාවගේ අපේක්ෂාවන් භංග කරන්න විතරයි. දැන් යන විදිය ගැන අපිට නම් සතුටක් නෑ.