IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපතිගේ යළි විවෘත ආරාධනයක්

(අංජුල මහික වීරරත්න)

ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම රට හමුවේ ඇති ප්‍රධාන වගකීම් බැවින් කුමන පක්ෂයක් නියෝජනය කළද එම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමා සමඟ එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත නැවත ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම සංහිඳියාවට අදාලව මෙතෙක් නොවිසඳී ඇති ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීම තම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් එළැඹෙන මාර්තු මාසයේදී සිදු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවයට එක් වෙමිනි.

ඌව පළාතේ පිහිටා ඇති එකම මුස්ලිම් ජාතික පාසල වන ගුරුතලාව මුස්ලිම් ජාතික පාසල වෙත පැමිණි ජනාධිපතිවරයා එහි සිසු දරුවන් විසින් මහත් හරසරන් පිළිගනු ලැබීය.

සියවස් සැමරුම නිමිත්තෙන් එළිදැක්වුණු විද්‍යාලයේ නව වෙබ් අඩවිය ද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.



අදහස් (10)

ජනපතිගේ යළි විවෘත ආරාධනයක්

Perera Wednesday, 27 December 2023 07:12 PM

ඔහේට අපෙන් කිසිම ආරාධනාවක් ලැබුණේ නැහැ... ඔය පුටුවේ වාඩි වෙන්න.

:       0       0

රාලහාමි Wednesday, 27 December 2023 07:25 PM

තැන තැන කියව කියවා යන පිස්සන් කොටුවෙන් පැන්න කෙ‍නෙක්ව පොලිසිය හැමතැනම හොයනවා. මෙයාව අල්ලලා කඹයකින් ගැට ගහලා මානසික රෝහලට දැනුම් දෙන්න...

:       0       0

Chinthamani Wednesday, 27 December 2023 07:28 PM

අවුරුදු 40 ක් දේශපාලනය කරලා, රට කාලා, මිනීමරලා, මහ බැංකුව හොරාකාලා, දැන් කියනවා එකතුවෙලා රට හදමුලු, හිරේ යන්න ලැහැස්ති වෙනවා ළඟදීම...!

:       0       0

අරවින්ද මොනරවිල Wednesday, 27 December 2023 08:39 PM

ඔය මොනවා කරන්නත් මුලින්ම හොරුන්ව බලයෙන් නෙරපලා නඩු අදාලා උපරිම දඬුවම් කරන්න ඕනෑ. ඊට පස්සේ රටේ ආර්ථිකය පහසුවෙන්ම ස්ථාවර කර ගන්න පුළුවන් වගේම ජාතික ප්‍රශ්යනටත් නිවැරැදි විසඳුමක් ලැබෙනු ඇත.

:       0       0

Kumara Wednesday, 27 December 2023 08:44 PM

ඔක්කොම එකතුවෙලා මටම වැඩේ දෙන එක තමයි කරන්නේ...

:       0       0

Lal Wednesday, 27 December 2023 09:45 PM

රෝහණ විජේවීර සහෝදරයාගේ පූර්ණ සමාජවාදී දේශපාලන දර්ශනය වෙනුවෙන් නැවතත් දිවිහිමියෙන් කැපවෙමු.. JVP අපි...!

:       0       0

sara Wednesday, 27 December 2023 10:24 PM

ඔහේලා 77 ඉදලා තවමත් රට ගොඩනැඟීමට කතා කරනවා. අනේ මහත්තයෝ මේ දෙයියනේ කියලා විශ්‍රාම යන්න දැන්...!

:       0       0

Nimal Thursday, 28 December 2023 07:01 AM

බෙගල් කීමෙන් කිසිම පලක් නැහැ, ඔබෙ ඇරයුම පිලිගන්න සිතක් නැහැ, විමසන වදනට පිලිතුරු දෙන්නම්, ලගකදි ලබන දිනයේ.

:       0       1

ranjith Thursday, 28 December 2023 07:06 AM

ඡන්දයක් තියන්නකො එතකොට ජනතාව කැමති තීන්ඩුවක් ගනීවි

:       0       1

Dilith Jayaweera Thursday, 28 December 2023 01:50 PM

ජනවාර්ගික ප්‍රශ්නයක් තියෙන්නේ ඔයාට මිසක්, මහජනයා තුළ නොවේ.. ඉතාම සාම්කාමීව ඔවුන් ජීවත් වෙනවා. ප්‍රශ්න ඕනෑ පැවැත්වීමට..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site