(එෆ්. අස්ලම්)
එල්.ටී.ටී.ඊ සංවිධානය අවි ආයුධ මිලට ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කරන ලද ප්‍රකාශයට උතුරේ දෙමළ දේශපාලන ධාරාවෙන් විරෝධය මතුව තිබේ.
දෙමළ ජාතික සන්ධානය,දෙමළ ජාතික ජනතා පෙරමුණ ඇතුළු පක්ෂවල නියෝජිතවරු මෙන්ම උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ඇතුළු දේශපාලනඥයෝ රැසක්ම ජනාධිපතිවරයාගේ ප්‍රකාශය විවේචනය කරමින් ඊට විරෝධය දක්වා සිටිති.
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.ශ්‍රීධරන්,යෝගේෂ්වරන්,සිවනේසන් යන මන්ත්‍රීවරුන් ද අදහස් දක්වා තිබුණු අතර ඔවුන් සඳහන් කර සිටියේ කොටි සංවිධානය පැවති සමයේ උතුරේ මත්ද්‍රව්‍ය ව්‍යාපෘතියක් සිදුනොවූ බවයි. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමට එල්.ටී.ටී.ඊ.ය දැඩි දඬුවම් පැනවූ බවයි.
එමෙන්ම උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්න්නේෂ්වරන් ද මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ 2009 යුද්ධය අවසන් වීමට පෙර මතින් තොර එකම පළාත වශයෙන් උතුරුපළාත පැවති බවයි. එවක රජයද ඒ බව සනාථ කර තිබූ බවයි.
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අදහස් දක්වමින් මහ විග්නේෂ්වරන් මහතා කියා සිටියේ එය මනුෂ්‍යත්වයට නිගා දෙමින් සිදුකරන ක්‍රියාවක් බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දඬුවම් ලැබ සිටින පුද්ගලයින් සැබැවින්ම ජාවාරම් සිදුකර ඇත්ද එසේත් නොමැති නම් නීතිය ඉදිරියේ වරදක් නොකර වරදකරුවන් වූයේද යන්න ප්‍රශ්නයක් බවත් ජනාධිපතිවරයාගේ තීරණය තුළින් නීතියෙන් මිනිස් ජීවිතයක් උදුරා ගැනීමට ඉඩ ඇති බව ගම්‍යමාන වන බවත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, ප්රභාකරන් උතුරට නැතිවුණාට දකුණට විස එව්වට කමක් නැහැ කියලද මොවුන් කියන්නේ...?
කොටින් ගැන වැරැද්දක් කවද්ද කොටින් කිව්වේ?
2009 මතින් තොර එකම පළාත, උතුරුපළාත.. දත්ත වැරදි ඇති... අනික එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් දමිල දේශපාලන පක්ෂ කරුණු පැහැදිලි කරන්නේ ඇයි? එල්.ටී.ටී.ඊය ත්‍රස්තවාදී සංවිධානයක් නොවේද?
මුන්නැහේ දන්නේ නැහැ ඒ අයත් මුන්නහේට ඡන්දෙ දුන්නා කියලා. ඔහේ කියවනවට හොඳම වැඩේ...
ඔව්.. එල්.ටී.ටී (කොටි) තමයි. සිංහල ජාතිය විනාශකිරීම.. සහ අවිආයුධ වලට මුදල් සපයා ගැනීම අරමුණ කරගෙන "හෙරොයින් ශ්‍රී ලංකාව තුල පතුරවාහැරියේ"
ඔය විග්නේෂ්වරන් කියන කෙනාට කියන්න පිරබාහරන් කුඩු විකුණුවේ දකුණේ කියලා. උතුරේ උන්ට කුඩු නෙවෙයි දුන්නේ සයනයිඩ් කරල්...
ප්රභාකරන් කුඩු වෙළඳාම කොලොම්බියාවත් එක්ක කළා. ඔය යුද්ධය අවසන් කාලේදී කොටින්ගේ සබ්මැරීන් කියලා එකක් අහුවුනේ. ඒවගේ ඒවා තමයි කොලොම්බියාවේ කුඩු ප්‍රවාහනයට භාවිතා කරන්නේ. ඒ වගේම කොලොම්බියාවේදී කුඩුත් සමග දෙමළ ජාතිකයන් අහු වුණා. ඒ වගේම කොටි ළමා සොල්දාදුවන්ට මෙන්ම මරාගෙන මැරෙන කොටින්ට ප්‍රහාරයට ඉස්සෙල්ලා හිට්ලර්ගේ හමුදාව භාවිතා කරපු මත් පෙත්තක් දෙනවා. එකෙන් කෘතිමව ඇඟට ශක්තිය ලැබෙනවා වගේම සමහර හෝමෝන වර්ග ඇතිවීම වළක්වනවා. කෘතිමව බය නැතිවෙනවා, මරාගෙන මැරෙන්න යනවා. මේවා ගැන ඕනෙනම් ලංකාවේ විශ්වවිද්‍යාල උපයෝගී කරගෙන වැඩිදුර පරීක්ෂණ කරන්න පුළුවන්...
එව්වා කුඩු සල්ලි නෙමෙයි. ජාත්‍යන්තර ප්‍රජාව තෑගිදීපුවනේ...
කොටි කොහොමත් උතුරේ කුඩු වික්කේ නැහැ. කුඩු තොග පිටින් දකුණට සැපයුවා කියලා නම් හැමෝම දන්නවා..
පුවත්පත් බැලුවොත් පෙනෙන්නේ පාසල් යන වයසේ ළමයි මත්කුඩු ජාවාරම්කරුවන්ගේ රැවටීමට හසුවන බවයි. මේ ළමයින්ගේ අනාගතේට මොකද වෙන්නේ? එක්කෝ පික් පොකට් කාරයෙක්, කුඩු බෙදා හරින්නෙක්, ප්‍රවාහනය කරන්නක්, කොටින්ම කියතොත් මත් කුඩු ජාවාරම් කරුවාට ආරක්ෂාවක් සැපයෙන වහලෙක් බවට පත්වෙන එකයි වෙන්නේ. කොටි කලෙත් දකුණේ සමාජයට මත් කුඩු එවන එක. වහාබි අන්තවාදියෝ කරන්නේත් එක. ඒවාට හරියන්න සිංහල පිරිසකුත් ඉන්නවා. මේවට අපි එකමුතුව ක්‍රියාත්මක වියයුතුයි. මෛත්‍රී කරන වැඩේ හොඳයි. අමතරව මත්කුඩු වලට එරෙහි පෘතුගාලයේ ක්‍රියාමාර්ගයත් රටට ගැලපෙන ලෙස වෙනස් කර භාවිතා කළයුතුයි.
ටික කලකින් කොටි මිනීමැරුම් කළා කීවත් ඔය දේශපාලන ධාරාව විරුද්ධ වෙයි. මත්ද්‍රව්‍ය විතරක් නෙවෙයි, නිල් චිත්‍රපට පවා ඔවුන්ගේ ආදායම් මාර්ගයක් බව යාපනේ විද්‍යා සිද්ධියෙන් ඔප්පු වුණා. ඒවා අමතක වෙච්ච තොත්ත බබ්බු වගේ රඟනවා දැන්...