
(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය
ජනාධිපතිතුමා උතුරේ ජන හමු කීපයක් අමතමින් කරන ලද ප්‍රකාශයෙන් ජාතික ජන බලවේගයට බලය හිමි නොවන පළාත් පාලන ආයතන වලට මුදල් ලබා නොදෙන බව ඍජු ලෙස ප්‍රකාශ නොවූවද එමගින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ අසූ දෙක වගන්තිය ප්‍රකාරව අයුතු බලපෑමක් සිදුවන බව පෙනී යන්නේ යයිද ඔහු ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස දැඩි අවධානය යොමුවී ඇති බවද ඔහු කීවේය.
රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට සපථ කළ ඒ පිළිබඳව නායකත්වය ගත් හා මැතිවරණ සංස්කෘතිය යහපත් දිශානතියක් කරා යොමු කිරීමට ආදර්ශ සැපයූ දේශපාලන පක්ෂ නායකයෙකුගෙන් සමාජය මෙවැනි ප්‍රකාශ අපේක්ෂා නොකරන බවත් ජනාධිපතිවරයා ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වන බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඔහු මෙසේ පවසන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයට බලය හිමිවන පළාත් පාලන ආයතන වලට අත දිගහැර මුදල් ලබා දෙන බවටත් අනෙක් පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීමේදී දස වරක් සිතන බවත් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.
COMMENTS
පහුගිය ආණ්ඩු ඔය කතාව ක්‍රියාවෙන්ම කරලා පෙන්නුවා.
ආසියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා ජනතාව රවට්ටලා බලයට ඇවිත් කරපු හරිය ගැනත් අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .
රාජපක්ෂලා වික්‍රමසිංහලා ඡන්ද කරන්න, බඩු බෙදන විට රාජ්‍ය දේපොල භාවිතා කරන විට රාජ්‍ය සේවකයින් යොදා ගන්නා විට හා ජනතාවට රැකියා හා සමෘද්ධි ඉල්ලුම් පත්‍ර බෙදමින් දූෂිත මෙන්ම විරුද්ධ පාක්ෂිකයින්ට පහර දෙමින් හා ඝාතනය කරමින්ද පක්ෂ කාර්යාලය ගිනි තබමින් හා නිවාස කඩා බිඳ දමමින් මර්ධනකාරී ලෙස මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන විට බියට පත්ව හීන් කෙඳිරියක් හෝ නොනැගූ මේ "මහත්වරුන්" දැන් ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන සංස්කෘතිය ගැන මරලතෝනි තියෙන තරමට නිර්භීත වෙලා...
එතුමා කිව්වේ දෙන්නේ නැහැ කියලා නොවෙයි, දෙවතාවක් හිතන්න වෙනවා කියලා... ඒක වැරැදි නැහැ. අපේ පැත්තේ කොන්ක්‍රීට් කරපු පාරවල් දැක්කාම, ඒ වගේම සභාපතිලා එනකොට සහ යනකොට වත්පොහොසත්කම් බැලුවාම, නිකන් බයික් එකේ ආපු අය හෝටල් හිමි අය වුනේ කොහොමද එහෙම නැත්නම්...!
එහෙම කරන්නේ ඇයි කියලත් පැහැදිලිවම කිව්වා... ඒකත් මතක් කළා නම් තවත් පැහැදිලියි රෝහණ මහත්තයෝ. බාගයක් මල්ලි හොර පාරෙන් සාක්කු වලට යන නිසයි එහෙම කරන්නේ..!
ගිය ආණ්ඩු අරම කරා මේම කරා කියන අය ඔලුව අතගාලා බූරු කන් හරි අන්තට්ටුවක් තියේද කියලා හරි බැලුවොත් හොඳා, මොකද මේ මූසල ආණ්ඩුව ඡන්ද ඉල්ලුවේ මේ ක්‍රමය වෙනස් කරනවා කියලා, ඉතින් ඔය වෙනස කරන හැටිද?
වැසිකිළි හෝදන බලකාය තවම සුපුරුදු කටයුතුවලම යෙදී සිටිති. පහුගිය ආණ්ඩුවල තිබ්බ වැරැදි නිවැරැදි කරගැනීමට තමයි නව ආණ්ඩුවක් ජනතාව පත්කළේ...!
ගව සම්පත ලප කොටාට තවමත් කඩේ යනවා.
අන්තිමට පැපරල් සංවිධානයට කොන්දක් තිබ්බා වැරැදියි කියලා කියන්න. නැත්තන් පච ඇදබබා හතර දිග්භාගෙ ඇවිදිනවා.
ජනාධිපතිතුමා කියපු කතාව පැවැති පළාත් පාලන ආයතනවල කොන්ත්‍රාත් කළේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි හොඳට හොරා කෑවා පාර හදලා මාස 6ක් තිබ්බේ නැහැ.
වෙන ජනාධිපති කෙනෙකු මේක කිව්වනම් එදාම මාධ්‍ය කැඳවලා මාරාන්තික ප්‍රහාරයක් දෙනව . සුමාන දෙකකට පස්සෙ ඇල්මැරුන ප්‍රකාශයක්