(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරයාගේ නම භාවිත කරමින් ජනතාව මුළාකර වාසි ලබා ගැනීමට තැත් කරන අයට එරෙහිව නීතියට අනුව දැඩි පියවර ගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඇතැම් වංචනික පුද්ගලයින් සහ කණ්ඩායම් තමන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ සමීප සබඳතා ඇති බව අඟවමින් ජනතාව මුළාකර අයුතු වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවට සාක්‍ෂි සහිත තොරතුරු වාර්තා වෙමින් පවතින බව එම මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මෙම පුද්ගලයින් විවිධ තනතුරු, පත්වීම්, ටෙන්ඩර් ආදිය ලබා දීමට උදව් කළ හැකි යැයි ජනතාවට පවසන බවත්, ජනාධිපතිතුමාට බලපෑම් කිරීමේ හැකියාව පවා තමන්ට ඇතැයි ඇතැමුන් ප්‍රකාශ කරන බවත් දැනගන්නට ඇතැයි එහි සඳහන් වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ස්ථිරසාර පිළිවෙත වනුයේ සෑමවිටම පිළිගත් ක්‍රමවේදයට හා පටිපාටියට අනුව වැඩ කිරීම බවත්, පටිපාටියෙන් බැහැරව තනතුරු පත්වීම් ටෙන්ඩර් ආදිය ප්‍රදානය කිරීම සඳහා ඒ මහතා පොළඹවා ගැනීමට කිසිවෙකුටත් නොහැකි බව එහි වැඩිදුරටත් දක්වා තිබේ.
එබැවින් මෙවැනි වංචනික පුද්ගලයන්ට නොරැවටෙන්නැයි ජනාධිපති කාර්යාලය ජනතාවට දැනුම්දීමක් කරන බව ද එහි සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩනයේ සිටින එක්තරා බංකොලොත් ඇස් කණ්ණාඩි වෙළෙන්දෙකුත් ජනාධිපතිතුමා සමග සිටින ඡායාරූප මුහුණුපොතේ පළකරමින් ප්‍රතිරූපයක් ගොඩනගාගන්න හදනවා...
එතුමා සමග ගත් ෆොටෝ මොබයිල් ෆෝන් එකේ, ෆේස් බුක් එකේ දාගෙන උජාරුවට ඒවා අනුන්ට පෙන්වමින් ඉන්න අය තමයි බොහෝවිට ඔය වංචාවලට සම්බන්ධ. ඒවා වහාම තහනම් කරන්න කටයුතු කරන්න.
හරියට හරි! ඔය ෆේස්බුක් වගේ ඒවාවල ඉන්න ටිකක් ඉන්නවා අපේ ආණ්ඩුවේ නම කන...
මේවගේ සිද්ධි 2005 -2015 කාලේ සුලභවම සිදුවුණා. විශේෂයෙන්ම ඔය පියන්ලා, සම්බන්ධීකරණ නිලධාරින් කියලා පත්වෙන අය කිසිම කෙනෙක්ට අත්‍යාවශ්‍ය දේකටවත් හම්බවෙන්න අවස්ථාව දුන්නේ නැහැ. ඡායාරූප පෙන්වමින් සමීප සබඳතා ඇති බව පෙන්වමින් රට රස්සා කොන්ත්‍රාත් සහ උසස්වීම් ලබාදෙන බව කියා කීම සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා.