(අංජුල මහික වීරරත්න)
ජනපතිගේ දැක්ම අනුව වැඩ කළොත් රටට කිසි දිනක වරදින්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ජනාධිපති ගෙනයන ආර්ථික, දේශපාලන, සමාජීය හා සංස්කෘතික යන සෑම ක්ෂේත්‍රයකම නව වකවානුවක් උදාකිරීමේ අභියෝගාත්මක වැඩපිළිවෙලට සියලු දෙනා එකාවන්ව කැපවීමෙන් කටයුතු කළ බවද ජනාධිපතිවරයා කීය.
2024 නව වසරේ පක්ෂයේ වැඩකටයුතු බියගම දී නිල වශයෙන් අරඹමින් රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් අපි සියලු සහයෝගය ලබාදිය යුතුමයි. ත්‍රස්තවාදීන්ට නැවත අවස්ථාව නොදිය යුතුයි...
හිනා වෙන්නේ කොහෙන්ද කියලා බැලුවේ...
වරදින්න හරි හරියන්න හරි රට ඉතුරුවෙලා තියෙන් ඕනනේ, මේ සොම්බි පිනා රට කෑලි කෑලි වලට කඩලා විකුණන්නයි හදන්නේ.
ඔය දේවල් මීට කලිනුත් කරන්ඩ තිබුනා.1975 පටන් මේ දක්වා දේසපාලනේ කරලා අගමැතිකම දැරුව කෙනෙක් ? මහ බැන්කු බැදුම්කර හොරාකාපු හැටි නම් ලෝකෙම දන්නවා .පින් ජනපතියාගේ දැක්ම දුශිත පවුල් පාලකයෝ රකින එක මිසක් වෙන මොනවද ?
එතුමාගේ දැක්ම අපි අර මහබැංකුව කොල්ලකාපු වේලෙනම් හොඳටම අපිට අවබෝධ උනා. ඒ දැක්මට යුතුකම් සලකන්නයි අපි මේ චන්දයක් තියනකල් බලාන ඉන්නේ.
දැන් ඔය කියන දැක්ම මොකක්ද? අපිට පේන දැක්මේ විදිහට නම්.... ඉස්කෝලෙ ගිහින් විභාග කරලා මැරෙන්න ඕනෑ නැහැ... රස්සාවක් පිනට ලැබෙන කල් බලාඉන්න පුළුවන්...!
ඥාති සමබන්ධතා තහවුරුකරගන්න එහෙම නොකියා බැහැනෙ.
ඉදිරි මැතිවරණ වලදී, දිලිත් ජයවීරගේ සන්ධානය, ලන්සාගේ සන්ධානය, පොදුජන ගොවි පෙරමුණ, ධම්මික පෙරේරා සහ නාමල් රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂය, රනිල් රාජපක්ෂ ගේ එකසත් ජාතික පක්ෂය, මෝඩ පුතානොගේ සමගි ජන බලවේගය සහ ඇතැම් විට උතුර නැගෙනහිර බලවේග සවිමත් කරගනිමින් තනි තනිව තරඟ කොට ප්‍රතිඵල ලද සැණින්ම එකතුවී මාළිමාව අභිබවා බලයට පත්ව නැවතත් රාජපක්ෂ බලය ස්ථාපිත කරගැනීමේ මෙහෙයුමට රනිල් රාජපක්ෂ අවතිර්ණ වූ වගයි. 13 වැනි වගන්තිය සහ අනෙකුත් බොරු පොරොන්දු දී උතුරේ චන්ද බිලිබා ගන්න දරන්නාවූ උත්සාහයක් බව පැහැදිලිවම පෙනෙන දෙයක්. දැන් නම් මිනිස්සු රෑ වැටුණු වලේ කීයටවත් දවල්ට වැටෙන්නේ නැහැ කියල. සක්කරයා නෙමෙයි බන්දුලයගේ වයිමා ආවත් මාලිමාව වට්ටන්න බැහැ . මිනිස්සු මාළිමාව විශ්වාශ කරනවා, මිනිස්සුන්ට ඕනේ රාජපක්ෂලා හොරාකාපු ධනය මෙරටට නැවත ගෙන ඒමත් සහ ඔවුන් ඇතුළු නඩය මේ රටේ භුක්තිවිඳින රටේ ජාතික සම්පත් නැවත ජනතා අයිතියට පත්කොට රට සමුර්ධිය කරා ගෙන යාමේ කාර්‍ය භාරය ඉෂ්ඨ කර ගැනීමයි .රටේ ජනතාව හිඟන්නෝ බවට පත්කරලා .මේ රටම හිඟන දේශයක් බවට පත් කරපු අයට අයෙත් බලය දෙන්න තරම් මේ රටේ මිනිස්සු නිවට නැහැ.
Ruwan W , ඔබ අපේ රටට කරපු දේ කුමක්ද ?