(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හෙට (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය හමුවෙයි.
මෛත්රීපාල සිරිසේන මහතා ලබන 16 වැනිදායින් පසුව ජනාධිපතිධූරයෙන් විශ්රාම යන බැවින් සිය කාර්ය මණ්ඩලය ජනාධිපති මන්දිරයේ දී හෙට හමුවී ඔවුන්ට ස්තුතිය පළකරන ඇතැයි වාර්තා වේ.
මේ අතර ජනාධිපති අරමුදල මගින් රෝහල්වලට උපකරණ බෙදාදීම,දරුවන් සුරකිමු වැඩසටහන යටතේ ජාතික ලොතරැයි මණ්ඩලය මගින් නව ලොතරැයියක් හඳුන්වාදීම ඇතුළු වැඩසටහන් රැසකට ද ජනාධිපතිවරයා හෙට දිනයේදී සහභාගි වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන තව මොන පිස්සුවක් කෙලියිද දන්නේ නැහැ. අතේ දුරින්...
හැමදාම හමු වෙනවානේ. තවත් හමුවෙන්නේ මොකටද?
අනේ මන්ද කරගන්න තිබුණු හා කරන්න තිබුණු ගොඩක් දේවල්, විශේෂයෙන් ඔබ තුමා ඉදිරියට ගෙන ආව අණ පනත් ක්රියාවට නගන්න, ඒවා ක්රියාවේ යොදවන්න, මේ රටේ අහිංසක ජනය වෙනුවෙන් යුතු කම් ඉටු කරගන්න බැරිවුණ නායකයෙක් බවට ඔබ තුමා පත්විම පිලිබදව අපට තියෙන්නේ ලොකු දුකක් . ඒ ගැන දැන් කතා කිරීමත් තේරුමක් නෑ. කොයි හැටි වුනත් මම ඔබ තුමාට සුබ පතනවා හදවතින්.
ලංකාවේ දේශපාලනය කියන්නේ බලය ලබා ගැනීම සදහා වන බලු පොරයක් පමනයි කියන එක ඔප්පු කරන්න ඔබට වැඩියේ හොද උදාහරණයක් නැහැ.
මේ වරප්රසාද දාලා යනකොට මොනතරම් හිත අමාරු ඇතිද?
යන්න ඉස්සරවෙලා පොරොන්දු වුණු විදියට අර "අහිංසකයත්" කොළ නැති ගහේ එල්ලලාම ගමේ යන එක හොඳයි...! එහෙම නැත්නම් එයත් නිදහස් කරන්න. එයාලා නිදහස් කරන්න කියලා තාම කවුරුවත් ඉල්ලුවේ නැද්ද?