
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් (David Malpass) මහතා අතර හමුවක් COP 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව ෂාම් එල්-ෂීක් හිදී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ සමාජීය තත්ත්වය මෙන්ම ආර්ථිකය ස්ථාවර කිරීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
දැනට පවතින ණය අර්බුදය කාලෝචිත සහ ඵලදායි ලෙස විසඳා ගැනීමේ වැදගත්කම මල්පාස් මහතා මෙහිදී අවධාරණය කළ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණයට කඩිනමින් එකඟ වීම සඳහා ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික සහ පෞද්ගලික අංශයේ ණය හිමියන් සමඟ අඛණ්ඩව සම්බන්ධවීමේ වැදගත්කම පැහැදිලි කළේය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ඉහල ධාරිතාව සැලකිල්ලට ගෙන, රාජ්‍ය වියදම් කළමනාකරණය සහ රාජ්‍ය ව්‍යවසායන් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව මල්පාස් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ ජනාදිපති නිකන් "මල්පාස්" විතරයි