IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති සහ ලෝක බැංකු සභාපති අතර හමුවක්

 

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් (David Malpass) මහතා අතර හමුවක් COP 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව ෂාම් එල්-ෂීක් හිදී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ සමාජීය තත්ත්වය මෙන්ම ආර්ථිකය ස්ථාවර කිරීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ. 

දැනට පවතින ණය අර්බුදය කාලෝචිත සහ ඵලදායි ලෙස විසඳා ගැනීමේ වැදගත්කම මල්පාස් මහතා මෙහිදී අවධාරණය කළ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණයට කඩිනමින් එකඟ වීම සඳහා ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික සහ පෞද්ගලික අංශයේ ණය හිමියන් සමඟ අඛණ්ඩව සම්බන්ධවීමේ වැදගත්කම පැහැදිලි කළේය. 

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ඉහල ධාරිතාව සැලකිල්ලට ගෙන, රාජ්‍ය වියදම් කළමනාකරණය සහ රාජ්‍ය ව්‍යවසායන් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව මල්පාස්  මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කළහ.



අදහස් (1)

ජනපති සහ ලෝක බැංකු සභාපති අතර හමුවක්

fairoos Thursday, 10 November 2022 12:24 PM

ලංකාවෙ ජනාදිපති නිකන් "මල්පාස්" විතරයි

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site