
(අංජුල මහික වීරරත්න සහ තිලකරත්න දිසානායක)
විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා හෙට (28) පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බව ජනාධිපති ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිඳු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට බලපෑමක් එල්ල නොවන බවද ජනාධිපතිවරයා කීය.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් පරිපාලන සංකීර්ණය 'ලක්සියනෑ මන්දිරය' ජනතා අයිතියට පත් කරමින් ජනාධිපතිවරයා මෙි බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලේ බලේ රාසිං දෙයියන්ගෙ බලේ, පිංබත් කන මැන්ටල් ටික අගෙයි අගේ...