(ටී.කේ.ජී.කපිල)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සහ ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා සනාථ කළේය .

ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ , සාගල රත්නායක , නිමල් සිරිපාල ද සිල්වා , ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු තවත් පිරිසක් ද එම සමුළුවට සහභාගී වීම සදහා පිටත්ව ගිය බව ද එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය .

ඔවුන් පළමුවෙන්ම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරට ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය .

මෙම සංචාරයෙන් පසුව මෙම පිරිස ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන " ආසියාවේ අනාගතය - 28 සමුළුවටද සහභාගී වීමට නියමිතය .