IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපති ලෝකේ එක්ක යාළු නම් හොඳ අයි.එම්.එෆ් ගිවිසුමකට නොගියේ ඇයි?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාත්‍යන්තර වශයෙන් ප්‍රශස්ත ගනුදෙනුවක් තිබෙන බවට පුරසාරම් දොඩවන වර්තමාන ජනාධිපතිවරයා හරහා රටට සුබදායී ගනුදෙනුවකට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ කරවා ගැනීමට නොහැකි වූයේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

මහ බැංකු අධිපතිවරයාම නිකුත් කළ වාර්තාව අනුව මීට වඩා ලිහිල් කොන්දේසි යටතේ මේ ගනුදෙනුව ලබාගත හැකිව තිබූ බවද විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවගේ මුදල් පිළිබඳව තීන්දු ගැනීමට ඉදිරිපත්ව සිටින්නේ ජනතාවගේ මුදල් ගසා කෑ සහ අවභාවිතා කළ ආයතන විසින් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

අද ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ගැන කතා කරන්නට සිදුව ඇත්තේ පොහොට්ටු ආණ්ඩුවේ සහ පොහොට්ටුවේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා බව ද විපක්ෂ නායකවරයා පැවසීය. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.

 



අදහස් (7)

ජනපති ලෝකේ එක්ක යාළු නම් හොඳ අයි.එම්.එෆ් ගිවිසුමකට නොගියේ ඇයි?

semaris Saturday, 01 July 2023 02:29 PM

අනේ අප්පුහාමි ඔහේ කටින් බතල කොළ හිටවනවා මිසක නිර්මාණශීලි වැඩක් කළේ කවද්ද? අහිමිවුණු ජනපති පුටුව ගැන දුකට ඔහේ මොනවා හරි කියවමින් ඉන්නවා වින වෙන මොනවා කරන්නද නේද? ලබන ඡන්දෙදී ඔය නිකම්ම නිකන් මාතර කෙනෙක් විතරයි. මුසිලලාට ස්වාභාවධර්මයෙනුත් දඬුවම් ලැබෙනවා.

:       8       19

samSaturday, 01 July 2023 04:44 PM

දැන් චෝදනා කරලා වැඩක් නෑ... අතට දුන්නු එක කටේ දාගන්න බැරිව දැන් මොනවා කීවත් ඵලක් නෑ. වගකීම් නොගෙන මගහැරලා පස්සේ බැන්නාට කවුරුත් ගණන් ගන්නේ නෑ...

:       4       9

podi hadaya Saturday, 01 July 2023 03:26 PM

ඔබතුමා හරියට හරි.... රට බංකොළොත් කළා... හොරකමෙන්, වංචාවෙන් රට විශාල ණය කන්දරාවකට ඇද දාලා, බංකොළොත් කළ අය සමග එකතු වෙලා ඡන්දත් කල්දාමින් එය මේ රට තවත් විනාශයකට ඇදගෙන යමින් සිටිනවා. එයා තමයි හිටපු මහ බැංකු හොරාවත් බේරලා යැව්වේ... රටේ ජනතාව විශාල අහේනියක ඉන්නේ... ඉතාම වේදනාකාරියි. කලකිරීමකින්, දුකින් ජීවිතේ ගෙනියන්නේ...! 

:       16       9

සෞදි-සිංහ Saturday, 01 July 2023 03:43 PM

කරන්න පුළුවන් හොඳම විකල්පයට ගිහින් තියෙනවා... මෙයා හිටියා නම් රට වලපල්ලටම ගිහිල්ලා නතර වෙන්න තිබුණා...

:       7       17

Shan Saturday, 01 July 2023 04:15 PM

ඔබ කළින් කිව්වා නම් IMF එකට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඇයි ඔබ ප්‍රමාද වුණේ...?

:       4       10

Nimesh Saturday, 01 July 2023 04:15 PM

මිනිහා ලෝකේ එක්ක විතරයි යාලු, ලංකාවේ මිනිස්සු එක්ක නෙමෙයි...

:       15       8

Saththaya Saturday, 01 July 2023 09:45 PM

අපරාදේ ඇයිද දන්නේ නැහැ... මොහුගෙන් ඇහැව්වේ නැත්තේ? ගිවිසුම් ගතවෙන්න කළින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site