
(නිමන්ති රණසිංහ)
ජනාධිපති මන්දිරයේ තිබියදී අරගලකරුවන් පොලිසියට භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකක විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (29) භාරදෙනු ලැබීය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ මෙම මුදල් භාර දෙනු ලැබුවේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසිනි.
මෙම මුදල අධිකරණයට ලබාදීමට සති තුනකටත් වඩා වැඩි කාලයක් ගතවීම සම්බන්ධයෙන් වහාම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළේය.
අරගලකරුවන් විසින් මෙම මුදල ලබා දෙනු ලැබ සති තුනකටත් වැඩි කාලයක් ගතවී තිබුණත් කොටුව පොලිසිය ඒ සම්බන්ධයෙන් වාර්තාවක් හෝ එම මුදල් හෝ අධිකරණයට භාර නොදුන්නේ මන්දැයි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඊයේ 28 අධිකරණයට දැනුම් දුන් පසු එම මුදල් වහාම අධිකරණයට භාර දෙන ලෙසට අධිකරණ නියෝගයක් නිකුත් විණි .
ඒ අනුව අද 29 එම මුදල අධිකරණයට භාර දෙනු ලැබුවේ කොටුව පොලිසියෙන් නොව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයෙනි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති මැදුරෙන් හමුවූ සල්ලි අධිකරණයට භාරදෙයි
Sunil Friday, 29 July 2022 05:18 PM
ඒකත් නියෝගය දෙනකම්ම හිටියා...
Demuni Uduwara Saturday, 30 July 2022 05:39 AM
A historical success of the Strugglers !