
(අංජුල මහික වීරරත්න)
COP28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා (Emmanuel Macron) අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (02) පැවැත්විණි.
දෙරට අතර සමීප සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ හරිත ආර්ථික පරිවර්තනය පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි. ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) සමග ප්‍රංශයේ සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි ද නායක දෙපළ සාකච්ඡා කළහ.
දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා දැනුවත් කළ අතර එම කටයුතු සමඟ එක්වන ලෙසද ප්‍රංශ ජනාධිපතිවරයා වෙත ආරාධනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශගුණික විපර්යාස නාමයෙන් අප හිස් ගෝනියට කීයක් හරි දාන්න ජනාධිපතිතුමනි, යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතාගෙන් ඉල්ලීමක් කරන විට ඵකක් ජනාධිපති රනිල් මතක තියාගත යුතුයි... ලංකාවේ බහුතර මහජනතාව හිඟාකන්නෝ නොවේ...
අර නායක හාමුදුරුවෝ සංඝ සම්මේලනයට ගියා වගේ තමයි. මේ තරම් වැලේ වැල් නැතිව රටම හිඟපැත්තට වැටිලා ඉඳියි... අඩු තරමින් මල්පෝච්චියක් අපනයනය කරන්නවත් පුළුවන්ද කියලා අහලා බලලා නැහැ. ජාත්‍යන්තර විශ්ව විද්‍යාල හදන්න තමයි කතාකරලා තියෙන්නේ... අම්මපා වෙන පඹයෙක් නැතිස මේ තනතුරට...?
අන්න මහා ශිෂ්‍ය බල මණ්ඩලේ බලන් ඉන්නවා ශාඛාවක් පිහිටුවන්න.
ගොඩයින්ට වඩා 1000ක් වටිනා ජනපති...
මොන්ටිසෝරියක ඉන්න පොඩි එකෙක් වගේ. ලෝකෙවටේ ඇවිද ඇවිද පින්තූර ගහගන්නවා.