
(අංජුල මහික වීරරත්න)
උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පූනරින් ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පූනරින් නගර සංවර්ධන සැලැස්ම සමාලෝචනය කිරීමට පූනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට ද ජනාධිපතිවරයා මෙහිදී එක් විය.
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පූනරින් නගරය සංවර්ධනය සඳහා 2024 අය වැය මගින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
ඒ අනුව අදාළ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එහිදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද දැනුම් දුන්නේය.
පුනරින් ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන උසස් තත්ත්වයේ කජු නිෂ්පාදන ආයතනයක් වන “වන්නි කැෂු” කජු නිෂ්පාදන ආයතනය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු ද නිරීක්ෂණය කළේය.
යාන්ත්‍රික ඉංජිනේරුවරියක වන තරුණියක් විසින් පවත්වාගෙන යනු ලබන මෙම කර්මාන්ත ආයතනය තුළ යුද්ධයෙන් පීඩාවට පත් තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා උත්පාදනය කර දී තිබේ.
නවීන තාක්ෂණයෙන් සමන්විතව මෙහි සියලු කටයුතු සිදු වන අතර කජු ලෙලී ගැසීමේ සිට එහි අවසන් නිමැවුම දක්වා භාවිතයට ගැනෙන සියලු යන්ත්‍ර සූත්‍ර අදාළ තරුණිය විසින්ම නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මොනවද උතුරට කළේ? දකුණටත් මෙලෝදෙයක් කරපු නැති එක ගැන කවර කතාද?
කජුගමත් කාලකණ්ණි වුණේ නැතිනම් හොඳයි...
සාගල ගිහින් නෑ වගේ
යාපනේදී තව පොඩ්ඩෙන් සම්බෝල වෙන්න නේද ගියේ.? ජයවේවා දෙමල සහෝදරයිනේ.අපේ රට විකුණන ඔය ඉන්දියන් නරුමයාට රැවටෙන්න එපා - ගහලාම පන්නන්න.
“වන්නි කැෂු” කජු නොව ceylon cashew කියා වෙනස් කළේ නම් export කිරීමට වඩාත් පහසු වේ...
මැද ඉන්නේ කවුද?
ඇය දිරිය දියණියක්, විලාසිතාවක් විදිහට රට යන්න දඟලන දරුවන්ට ඇය හොඳ ආදර්ශයක්, රටේ සම්පත් හැම එකක්ම විකුණන්න හදන අයටත් මේ දරුවාගෙන් ආදර්ශයක් ගන්න තියෙන්නේ. දුවේ ඔබට මගේ ආචාරය...!