
(අංජුල මහික වීරරත්න)
2024 නව වසරේ රාජකාරී ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී අද (1)මැති ඇමතිවරුන් සහ කාර්ය මණ්ඩලය හමු විය.
නව වසරේ ජාතික ධජය එසවීමෙන් පසු රණවිරුවන් සිහි කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්ද පැවැත්විණි.
අනතුරුව ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දුන්හ.
කාර්ය මණ්ඩලයට සුබ පැතූ ජනාධිපතිවරයා අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් 2024 රට ජයග්‍රහණයේ මාවතේ ගෙන යාමට සුබවාදී ආකල්පයන්ගෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව සියලු දෙනා එක්ව කැප විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශු මාරසිංහ, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව වසරේ වැඩ ආරම්භ කරන්නේ තව තව අළුත් බදුවර්ග හඳුන්වාදී ජනතාව බදුබරින් පීඩාවට පත්කරන්නද?
පිනයි, පිනාගේ සට්ටැඹි සෙට් එකයි ජනතාවගේ බොටුව මිරිකලා වැඩ අල්ලලා තියෙනවා නියමෙට...!
රාජ්‍ය සේවකයින් ලෙස සෑම වසරකම වල්බූරු ප්‍රතිඥාව දුන්නත් රාජ්‍ය සේවකයා පිළිබදව පවතින්නේ යහපත් ආකල්පයක් නොව. රාජ්‍ය සේවා ප්‍රතිඥාවට කියන්නෙ හොරකම වංචාව දූෂණය කියන තුන බව අපි හොඳින් දනිමු,