IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති නියමයෙන් ඉඩම් බෙදීම නවතී

(නිමල් ජයරත්න)

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් බැහැර කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස මහවැලි අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා සියලු මහවැලි කලාප නියෝජනය කරන නේවාසික ව්‍යාපාර කළමනාකරුවන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.   

පොලොන්නරුව මහවැලි බී කලාපයේ ඉඩම් ලබාදීමේ දී සිදුව ඇති අක්‍රමිකතා සහ විෂයබාර අමාත්‍යවරයා මුල්වීමෙන් හිතවතුන්ට මහා පරිමාණයෙන් කන්න බදු ක්‍රමයට ඉඩම් ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ජනාධිපති ලේකම්වරයා මේ සම්බන්ධයෙන් ලබාදුන් වාචික උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇත.

මහවැලි බී කලාපයේ ඉඩම් අංශය මගින් කන්න බදු පදනම මත ඉඩම් ලබාදීම සඳහා විෂය බාර අමාත්‍යවරාය නියෝජනය කරන ප්‍රාදේශීය සභා පළාත් සහා මන්ත්‍රීවරුන් රැසකටත්, අපෙක්ෂකයන් කීප දෙනකුට මෙන්ම මහවැලි බී කලාපයෙන් පිටස්තරව මඩකළපුව ඇතුළු විවිධ ප්‍රදේශවල කීපදෙනකුට එම ඉඩම් බැහැර කිරීමේ ලේඛනයක් සකස් කර ඇතැයි කියති.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කරුණු දැන්වීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

මහවැනි බී කලාපයේ අක්කර භාගයේ එකම ඉඩම් කැබැල්ල  තුළ පවුල් කීපයක් ජීවත්වන බවත් ඔවුනට ඉඩම් කැබැල්ලක් නොදෙන පසුබිමක අනු පවුල් ද ඉඩම් නැතිව සිටින වකවානුවක කන්න බදු ක්‍රමයට තම හිතවතුනට සහ දේශපාලන අධිකාරියටත් පිටස්තට අයටත් ඉඩම් ලබාදීම බලවත් අසාධාරණයක් බව මහවැනි  බී කලාප ගොවින සංවිධාන නියෝජිතයෝ කියති. ජනපතිගේ මෙම තීරණයට ඔවුහු ප්‍රශංසාව පුද කරති.



අදහස් (2)

ජනපති නියමයෙන් ඉඩම් බෙදීම නවතී

nimal Sunday, 08 October 2023 06:22 PM

ලංකාවේ ප්‍රාදේශීය සභා, පළාත් සහා මන්ත්‍රීවරුන් අති බහුතරයක් දූෂිතයින්...!

:       0       13

Bamunuarachchi Monday, 09 October 2023 04:14 AM

ඉඩම් දෙමළුන්ට හම්බයින්ට නොදී කාට දුන්නත් ප්‍රශ්නයක් නැහැ.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site