
එස්.රුබතීසන්- සන්ඩේ ටයිම්ස්
පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති පටන් ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දී ඇති නියෝගය මැතිවරණ කොමිසම අත්හිටුවා ඇත.
එම ව්‍යාපෘති පටන් ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් යන පදනමේ සිට මැතිවරණ කොමිසම එම නියෝගය අත්හිටුවා තිබේ.
පළාත් ආණ්ඩුකාර ධුරය යනු දේශපාලන පත්වීමක්වීම එයට හේතුවක් වී ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අක්‍රීය වී ඇති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල ක්‍රියාකාරකම් එහි සම සභාපතීත්වය දරන පළාත් ආණ්ඩුකාරවරුන් යටතේ අඛණ්ඩව ඉදිරියට ගෙනයා හැකි යාන්ත්‍රණයක් සකස් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතා මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා යවා තිබිණි.
2024 වසරේ අයවැයට අදාළව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මකවූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති මෙහෙයැවීම, අධීක්‍ෂණය කිරීම සහ සමාලෝචනය කිරීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට පැවැරී තිබූ බවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අක්‍රීය වීම හේතුවෙන් එම ව්‍යාපෘති ද අතරමග නැවතී ඇති බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතෙන හිතෙන දේවල් කරන්නේ අනුරට නෑනේ කිසිම දේශපාලන දැනුමක්... ඕවා කරන්න කලින් අඩුම හොයලා බලන්න ඕනෑ... ශුවර් මේ අවුරුදු 5 උපරිම ආතල් එකක් දෙයි වගේ..., අඩුම හොරුටික හරි අල්ලපල්ලාකෝ...