IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ජනපති තැපෑල ගැන කතා කරයි

(අංජුල මහික වීරරත්න)

තැපැල් සේවාව වර්තමානයට ගැලපෙන අන්දමින් යාවත්කාලීන කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

කුරියර් සේවා වැනි සේවා සඳහා යොමු වෙමින්  තැපැල් සේවාව නව මාදිලියකට ගෙන ඒමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම වෙනුවෙන් ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.

ජනාධිපති කාර්යාලයේදී  මෙම රැස්වීම පැවැත්විණි.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු 4ක ආයතන 41ක් වෙනුවෙන් වෙන් කෙරුණු ප්‍රතිපාදන සහ ඒ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතින්හි ප්‍රගතිය මෙහිදී සලකා බැලිණි. 

ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී විමසා බැලුනු අතර දැනට පුද්ගලයන් 30,000කට එකක් වශයෙන් ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පුද්ගලයන් 10,000කට එකක් වන අයුරින් සංවර්ධනය කිරිමට සැලසුම් කර තිබෙන බව මෙහිදී අනාවරණය විය.

වත්මන් තාක්ෂණික සහ සමාජයීය තත්ත්වයන්ට සාපේක්ෂව සෞඛ්‍ය සේවාව සංවිධානාත්මක සහ ව්‍යුහාත්මක වෙනස්කම් වලට භාජනය කිරීමේ සැලසුම් පිළිබඳව මෙහිදි සාකච්ඡා විය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සැපයීම සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු විය.

දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ප්‍රධාන ගැටලුවක් වන උපකරණ මිලදී ගැනීමේදී, ආයුර්වේද ක්ෂේත්‍රයද ඇතුළත්වන පරිදි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම පිළිබඳවත්, ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ මිලදී ගැනීමේදී ඖෂධ වල ගුණාත්මක භාවය සහතික කිරීමට අදාළ පහසුකම් වැඩි දියුණු කිරීමේ සැලසුම් පිළිබඳවත් සාකච්ඡා කෙරිණි. 

ජාතික රුධිර පාරවිලන සේවය ආදී සේවාවන් සඳහා අත්‍යාවශ්‍ය වාහන මේ වසරේදීම මිලදී ගැනීමට උපරිමයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නවීන තාක්ෂණය සහ ජනගහනය ඉහළ යාමට සාපේක්ෂව සෞඛ්‍ය සේවයේ භෞතික සම්පත් මෙන්ම මානව සම්පතද පරිවර්තනයකට ලක් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සහ උපායමාර්ගික සැලැස්මක් ලබන වසරේ එළිදැක්වීමට නියමිත බව මෙහිදී සඳහන් කෙරිණි.

විදේශ ආධාර සහ ප්‍රදාන යටතේ හිමි වන ප්‍රතිපාදන නිසි අයුරින් භාවිත කරමින් ඒවායේ අපේක්ෂිත ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එහිදී පළාත් සභා මට්ටමින් මතුව ඇති ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමටද යෝජනා විය.

තවද සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව සිදු කරන ප්‍රදානයන්හි විශ්වාසනීයත්වය තහවුරු කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ඒ අනුව ප්‍රදානයන් ලබා දෙන පුද්ගලයන් සහ ලබා ගන්නා අයට එහි විශ්වාසනීයත්වය තහවුරු වන අන්දමේ ඩිජිටල් ක්‍රමවේදයක් සකස් කිරීමටද යෝජනා විය.

දැනට දිවයිනේ ස්ථාන 272ක  ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවාව තවදුරටත් පුළුල් කරමින් ස්ථාන  400ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද මෙහිදී අනාවරණය විය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර  සමාජ ආකල්ප වර්ධනය සඳහා මැදිහත්වීම රාජ්‍ය මාධ්‍යයේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. එබැවින් රාජ්‍ය මාධ්‍ය සමාජ ආකල්ප පරිවර්තනයට දායක කර ගැනීමට අදාළ සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ලබන අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව සඳහන් කළේය.

මීට පෙර මතුව තිබු ගැටලුව වන්නේ අවශ්‍ය ව්‍යාපෘති වෙනුවෙන් අයවැය ප්‍රතිපාදන නොලැබීම බව කී ජනාධිපතිවරයා  එම තත්ත්වය වෙනස් කරමින් පසුගිය අයවැයෙන් සියලු ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන් කළේය.

එම සියලු ප්‍රතිපාදන අදාළ මූල්‍ය වර්ෂය තුළ නියමිත ව්‍යාපෘති සඳහා නිසි ලෙස යොදවමින් ජනතාවට එහි උපරිම ප්‍රතිලාභ අත්කර දීමේ වැදගත්කමද ජනාධිපතිවරයා  අවධාරණය කළේය. 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන  රසල් අපොන්සු, කපිල ජනක බණ්ඩාර යන මහත්වරු සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (2)

ජනපති තැපෑල ගැන කතා කරයි

සෙනෙවිරත්න Wednesday, 20 August 2025 01:26 PM

ඔය තැපෑලට විදේශයෙන් එන පාර්සල් කඩනවා... නැත්නම් නැතිවෙනවා කියලා කොපමණ පැමිණිලි තියෙනවාද? ඒක නිසා පළමුව විශ්වාශය ගොඩනගා ගත යුතුයි. ඒ වගේම අලස බව වැඩක් නොකෙරෙන පැත්ත ගැන කතා කරන නෙගටිව් මයින්ඩ් එක නැතිකරගෙන වැඩේට බහින්න කියන්න. ඇඟිලි සලකුනු තියන්න බැරි අය ඉන්න තැනක ඕවා වෙයිද? ඔහොම යන්න ඇරලා බාගෙට බාගයක් ගෙදර යවලා අලුතින් සෙනඟ අරගෙන වැඩේ කරමු ගරු ජනාධිපතිතුමනි, එතෙක් තබපු අඩිය පස්සට ගන්න එපා...

:       0       18

de silva Wednesday, 20 August 2025 01:56 PM

තද තීන්දු ගන්න ඕනේ, එහෙම කලොත් ජනතා සහයෝගය ආණ්ඩුවට ලැබේවි... අපිට සති දෙක තුනක් තැපැල් නොබෙදූවත් කමක් නැහැ ඉවසලා ඉඳිමු.. තැපැල් දෙපාර්තමේන්තුවට හොඳ බෙහෙතක් දෙන්න ඕනේ නිට්ටාවටම සුව වෙන්න. ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්යයෙන්ම එන්න ඕනේ. රජයේ සේවකයෝ අනිවාර්යයෙන්ම වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න ඕනේ... අනිත් මිනිස්සුන්ට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක. මේ වෙලාවේ ආණ්ඩුව නැමුනොත් රජයේ අනෙක් ආයතනවල සේවකයෝත් ආණ්ඩුවේ කරේ නැගලා හිස මත මළ පහරන්න පටන් ගනීවි..

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site