
(අංජුල මහික වීරරත්න)
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බර්ලින් හි වොල්ඩොෆ් ඇස්ටෝරියා (Waldorf Astoria) හෝටලයේ දී ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් (Dr. Johann Wadephul ) මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.
රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, විදේශ කටයුතු, විදේශ රැකියා හා වෙළෙඳ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ( යුරෝපය සහ උතුරු ඇමෙරිකාව) සුගීෂ්වර ගුණරත්න මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමා ග්‍රැෆයිට් සහ ග්‍රැෆීන් සඳහා වැනි ආමුද්‍රව්‍යවල අගය එකතු කරලා කලහැකි ආයෝජන ගැන කතා කළාද දන්නේ නැහැ.
බනී මහත්තයෝ දැනටත් මිනිරන් අපනයන කරනවා හැබැයි අගය එකතු නොකර, ලංකාවේ ලිතියම් බැටරි හදන්න පුළුවන් හැබැයි මිනිරන් විතරක් මදියි, ලිතියම් ඕනේ. අනිත් දේ මිනිරන් ආශ්‍රිත නිෂ්පාදන තාක්ෂණය ගන්න හොදම රට ජපානය, ඇමරිකාව. ශක්‍යතා අධ්‍යයන එක්ක වැඩේට වසර 5-10ක් යයි.