
(අංජුල මහික වීරරත්න)
කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික දියුණුව සමඟ දැනුමේ විප්ලවයක් කරා මුළු ලෝකයම ගමන් කරමින් සිටින මේ මොහොතේ ඒ සමඟ ඉදිරියට යාමට කොළඹ විශ්වවිද්‍යාලය වසර 10ක සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම් ඊට සහාය ලබා දීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ගලධාරි හෝටලයේ පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ 2023 ආදි විද්‍යාර්ථයින්ගේ හමුව අමතමිනි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයට වසර 40ක් සම්පූර්ණ වීමට සමගාමීව පිනකල් සම්මාන උළෙලක් ද මෙහිදී සංවිධානය කර තිබූ අතර රටට, සමාජයට සහ කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන ආදි විද්‍යාර්ථයින් ඇඟයීම සඳහා පිරිනැමෙන එම පළමු සම්මානයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිදුම් ලැබීය. දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශ්වයේ අනුනා හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි.එල්. පීරිස්, මහාචාර්ය දේශමාන්‍ය ජේ.බී. දිසානායක, තිලක් කරුණාරත්න මහත්වරු ඇතුළු 11 දෙනෙක් මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ.
සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම නව්‍යකරණයක් අවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට ලබාදිය හැකි කඩිනමි විසඳුම් සොයා බලන ලෙස ද කොළඹ විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.
වසර 10 ක මෙම සංවර්ධන සැලැස්ම කඩිනමින් සැකසීමට කැප වන්නැයි ආදී විද්‍යාර්ථයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ නොවුණහොත් එම සුවිශේෂි ක්‍රියාදාමයට දායකවීමේ අවස්ථාව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගිලිහී යන බව ද කියා සිටියේය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ජේ.එම්.එස්. බණ්ඩාර යන මහත්වරු ඇතුළු සාමාජිකයෝ මීට එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති, ජී.එල් එකට තියා කොළඹ සරසවිය සම්මාන දෙයි
කසුන් Sunday, 14 May 2023 04:35 PM
එයාලා ඔක්කොම යාලුවො මල්ලි. එච්චරයි...!
ChannaSunday, 14 May 2023 08:18 PM
දෙන්නාම පැන්ෂන් යන වයස පහුකරලා...!
චමින්ද Sunday, 14 May 2023 07:00 PM
මට හිතන්නේ ඔය දෙන්නා ගුරයි ගෝලයයි කියලා තමයි...
Perera Sunday, 14 May 2023 11:12 PM
ඔයා පිනාධිපතිටත් මහාචාර්ය පට්ටමක් දෙන්නකෝ...!
විසිල් රාජ Monday, 15 May 2023 08:02 AM
"සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියේම නව්‍යකරණයක් අවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා..." සමස්ත දේශපාලන පද්ධතියේම නව්‍යකරණයක් අවශ්‍ය බව ජනාධිපතිවරයාට තේරෙන්නේ නැත්තේ ඇයි?