IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


ජනපති කාර්යාලය වැඩ අරඹයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපති ලේකම්වරයා මෙහිදී කාර්ය මණ්ඩලය වෙත අලුත් අවුරුදු සුබ පැතුම් එක් කරමින් සුහද කතාබහක නිරත විය.

අනතුරුව, කාර්ය මණ්ඩලය ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ රටේ නව පරිවර්තනයක් ඇති කරමින්, අලුත් රටක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රාජ්‍ය සේවයේ සියලුදෙනා අලුත් අවුරුදු අධිෂ්ඨානයකින් හා නව ජවයකින් කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

මෙහිදී, රාජ්‍ය සේවයේ පරමාදර්ශී ආයතනය බවට පත් වෙමින්, නව ආකල්ප වඩවා ගනිමින් තමන් වෙත පැවරෙන වගකීම් නිසි ලෙස ඉටු කිරීමට සිය කාර්ය මණ්ඩලයට ආරාධනා කළ ජනාධිපති ලේකම්වරයා මෙතෙක් කැපවීමෙන් කටයුතු කිරීම පිළිබඳව සියලුදෙනා වෙත ස්තූතියද පිරිනැමීය.



අදහස් (1)

ජනපති කාර්යාලය වැඩ අරඹයි

කුමාර පෙරේරා Thursday, 17 April 2025 02:41 AM

කවුරුවත් නෑ ජාතික ඇඳුම අඳින...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site