(සුජිත් හේවාජුලිගේ)
හිටපු මැති ඇමතිවරුන්ට රජයෙන් ලබා දී තිබූ බංගලා පහසුකම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සොයා බැලීමේ ත්‍රිපුද්ගල කමිටුව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ප්‍රධානීන්ගෙන් පසුගියදා කරුණු විමසා ඇත.
අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු කමිටුව හමුවට කැඳවා මෙසේ කරුණු විමසා ඇතැයි වාර්තාවේ.
රජයේ බංගලා ලබාදී තිබූ ඇමතිවරුන් සංඛ්‍යාව, හිටපු ඇමතිවරුන් තවමත් රැඳී සිටින රජයේ බංගලා සංඛ්‍යාව, එම නිවාස වලට ලබාදෙන පහසුකම් සහ ඒවාට වැය කරන වියදම් යනාදිය පිළිබඳව මෙලෙස කරුණු විමසා ඇත.
මේ අතර හිටපු ඇමතිවරුන්ගෙන් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ 14 දෙනකු පමණක් බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු ඇමතිවරුන්ට ලබා දී තිබු නිවාස සංඛ්‍යාව පනහකි.
බංගලා භාර නොදෙන හිටපු ඇමතිවරුන්ට ලබන 30 වැනිදායින් පසු නඩු පැවරීමට අමාත්‍යාංශ ප්‍රධානීන් තීරණය කර ඇත.
හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කරනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
කමිටුව හිටපු ජනාධිපතිවරුන්ගෙන්ද පසුගියදා ඔවුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු විමසීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු සොයා බලන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතාය.
විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී දිසානායක සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා මුළුමුල්ල යන මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජිකයෝ වෙති.
මෙම කමිටුවේ විමර්ශන අවසන් වීමෙන් පසු හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් වාර්තාවක් රජයට බාර දීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජනපති කමිටුව ඇමැති බංගලාවලටත් කඩාපනී
Sameera Saturday, 26 October 2024 02:29 PM
ඉතාම හොඳ වැඩක්.. ඔය දේටත් පිස්සු කියවන සෙට් එකක් දැන් කොම්මෙන්ට් බලන්න පුළුවන්...
Bunny Preena Monday, 28 October 2024 09:22 AM
කමිටුවේ ඉන්නේ හොඳ වැදගත් උදවිය.. ඒ ගොල්ලන්ට එහෙම කඩා පන්නයි කියලා වාර්තා කිරිම ඔවුන්ට අපහාස කිරිමක්