IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජනපති කතාවට පාර්ලිමේන්තු විවාදයක්!

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතා කරන කතාව සම්බන්ධයෙන් විවාදයක් ලබා ගැනීමට විපක්ෂය බලාපොරොත්තුවෙන්  සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (28) පැවැත්වීමට නියමිතය. එහිදී මෙම  ඉල්ලීම කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති.

මේ අතර පාර්ලිමේන්තුවේ සෙසු ඉදිරි කටයුතුද මෙහිදී තීරණය කරන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ විශේෂ කතාව සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු විශේෂ රැස්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි  පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.

එම රැස්වීමට සහභාගී වන ලෙස සියලු මන්ත්‍රීවරුන්ට දන්වා යවා ඇතැයිද ඔවුහු සඳහන් කරති.

ජනාධිපතිවරයා ඊයේ (26) ජාතිය අමතමින් කතා කළේය.



අදහස් (7)

ජනපති කතාවට පාර්ලිමේන්තු විවාදයක්!

chandima Thursday, 27 June 2024 05:17 PM

ඔතන මොනවද විවාද කරන්න තියෙන්නේ, මිනිස්සු දැනටම විවාද කරලා ඉවරයි. යන්නකෝ යූ ටියුබ් එකට, ෆේස් බුක් එකට, අම්බානකට විවාද තියෙනවා.

:       34       20

අමාFriday, 28 June 2024 10:25 AM

ඔව්. ඔව් FB ජනාධිපතිලත් ඉන්නෙ.

:       2       3

ජයනාත් Thursday, 27 June 2024 06:01 PM

මහජනතාවගේ සල්ලි විනාශ කරනවා..

:       28       22

අරවින්ද මොනරවිල Thursday, 27 June 2024 06:28 PM

මාසයකට දෙකකට සැරයක් ඇවිල්ලා බොරු කයිවාරු ටිකක් ගහලා යනවා, ඒක අල්ලාගෙන මෝඩ විපක්ෂය දවසක් දෙකක් තලුමර මර බයිලා ගහලා රටේ මුදල් නාස්ති කරනවා. මොලයක් තියෙන විපක්ෂයක් නම් මේ බොරු කයිවාරුව වර්ජනය කරන්න ඕනා.

:       2       1

Ruwan De Silva Thursday, 27 June 2024 07:52 PM

මට හිතෙන විදියට මොන්ටිසෝරි ළමයි ඔය පාර්ලිමේන්තුවට දැම්මා නම් ඔයිට වඩා දෙයක් රටට කරයි.

:       1       1

Cisco Thursday, 27 June 2024 10:56 PM

කලින්ම පෝස්ටර් සහ දැන්වීම් වලට වියදම්කලා. ඒවට අනුග්‍රාහකයො සල්ලි දුන්නට ඒව හමිබ කරගන්න මහජනයව පීඩාවට පත්කරල එම වියදම වගේ දහපහලොස් ගුණයක් හම්බ කරගන්න අවස්තාව සලසලා දිය යුතුයි. දැන් කෙලින්ම මහජනතාවගෙ සල්ලි නාස්තිකරන තව අවස්තාවක්. අනේ අනිච්චේ කිව්වලු

:       2       1

චන්දිම Thursday, 27 June 2024 11:44 PM

අනේ සත පහකට වැඩකට ඇති දේවල් වලටද මේ ලක්ෂ ගණන් වියදම් කරලා වාද කරන්නේ?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site