
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.
කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමි බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.
අනතුරුව පැවති ආගමික වතාවත්වලට සහභාගී වූ ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තේය.
කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ අවසන් දිනය දින පෙරහර ආරම්භ කරමින් කණ්ඩුල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.
අනතුරුව අවසන් මහා පෙරහර නැරඹීමට එක් වූ ජනාධිපතිවරයා කතරගම සමන් මහා දේවාලය වෙත ද ගොස් ආශිර්වාද ලබා ගත්තේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියන්ගේම පිහිටයි. කරුණාකරලා මේ සතුන්ට හිංසා කරන එක නවතන්න.
කතරගම හාස්කම් හීන වෙලා තියෙන්නේ අපතයෝ එහෙ ගැවසෙන නිසා